හමුදාපති ගෙන් දැනුම් දීමක්..
විශ්‍රාම වැටුප ලබා ගැනීම සඳහා රටපුරා සියලුම විශ්‍රාමිකයන් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යොදවා බැංකුවලට අද (10)කැඳවාගෙන යන බව කොවිඩ් 19 පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මේ සඳහා ලංගම බස් රථ යොදවන බවද යුද හමුදාපතිවරයා සඳහන් කරයි.
මේ අතර එළඹෙන 14 වන දා රට විවෘත කරන්නේ සෞඛ්‍ය විශේෂඥයන් විසින් රට තුළ බරපතළ තත්ත්වයක් ඇති නොවන්නේ යැයි තහවුරු කළහොත් පමණක් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය විශේෂඥයන් සමඟ පුළුල් සාකච්ඡාවක් සිදු කරන බවද පැවසූ හමුදාපතිවරයා රට විවෘත කිරීමට පෙර කොරෝනා ව්‍යාප්තිය ගැන පුළුල් විද්‍යාත්මක විශ්ලේෂණයක් කළ යුතු බවද කියා සිටියේය.
දැනට පවතින සංචරණ සීමා එළඹෙන 14 වැනිදා ලිහිල් කිරීමට නියමිත වුවද පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන එය එළඹෙන 21 වෙනිදා දින දක්වා දීර්ඝ කළ යුතු යැයි සෞඛ්‍ය විශේෂඥයන් රැසක් රජය දැනටමත් පෙන්වා දී තිබේ.
You may like this video
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
