ශවේන්ද්‍ර සිල්වා ලබන ජනවාරි 01 වනදා යුද හමුදා සේවයට සමුදෙයි!!!.

Shavendra Silva
By Aruna Dec 30, 2024 04:57 AM GMT
Aruna

Aruna

Report

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලබන ජනවාරි මස 01 වැනිදා සිට යුද හමුදා සේවයෙන් විශ්‍රාම යන බව වාර්තා වනවා.

දශක 4ක කාලයක් පුරා මෙරට ආරක්ෂාව වෙනුවෙන් සුවිශේෂී දාකයත්වයක් ලබාදුන් හමුදා ප්‍රධානියෙකු වන ශවේන්ද්‍ර සිල්වා 2020 වසරේ ජනවාරි 1 වනදා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙසින් මෙම ධුරයට පත්විය.

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සහෝදරයාට මුදල් ලබාදුන් අයට විශේෂ පණිවුඩයක්.

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සහෝදරයාට මුදල් ලබාදුන් අයට විශේෂ පණිවුඩයක්.


ඔහු දියතලාව ශ්‍රී ලංකා හමුදා විද්‍යාපීඨයේ 19 වැනි නිලධාරි ශිෂ්‍යභට බඳවාගැනීම් පාඨමාලාව වෙනුවෙන් 1984 මාර්තු 5වනදා ශ්‍රී ලංකා යුද හමුදාවට එක්විය.

ශවේන්ද්‍ර සිල්වා මහතා කා අතරත් ජනාදරයට පත් රණවිරුවෙක් වූයේ උතුර සහ නැගෙනහිර මුදාගැනීමේ මානුෂීය මෙහෙයුමේදීය.

එම මානුෂීය මෙහෙයුමේදී 58 සේනාංකයේ අණදෙන නිලධාරියා ලෙසින් ඔහු කටයුතු කළේය.

අනතුරුව 2019 වසරේ අගෝස්තු 19 යුද හමුදාපතිවරයා ලෙස තේරී පත් වූ ඔහු 2022 මැයි 31 දක්වා එම ධුරයේ කටයුතු කළේය.

ඉන් අනතුරුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී බවට පත් වූ හෙතෙම ජනාධිපතිවරු සිව් දෙනෙකු යටතේ කටයුතු කර තිබේ.

එනම් හිටපු ජනධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ යටතේ මෙන්ම වත්මන් ජනධිපති අනුර කුමාර දිසානායක මහතා ය.

නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගු මහතා පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගු මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙස කටයුතු කළේය.

You May Like This Video


ReeCha