ශවේන්ද්‍ර සිල්වාට සම්බාධක පනවන්නැයි ඉල්ලීමක්...

By Wasantha Apr 17, 2021 09:14 AM GMT
Report

හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට මැග්නිට්ස් සම්බාධක පනත යටතේ සම්බාධක සහ තහංචි පනවන ලෙස ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ඉහළ පෙළේ නිලධාරිනියක් වන යස්මින් සුකා බි‍්‍රතාන්‍ය රජයෙන් ඉල්ලා ඇත.

පිටු 50 ක වාර්තාවක් බි‍්‍රතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩල මහ ලේකම් කාර්යාලය වෙත යවමින් ඇය මෙම ඉල්ලීම කර තිබේ. මෙම වාර්තාවේ ඇය විසින් එරට සිටින හිටපු කොටි හිතවාදීන්ගේ සාක්‍ෂි ද ඇතුළත් කර ඇත.

එහෙත් ඔවුන් කවුදැයි හෙළිවී නැත. හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සම්බන්ධයෙන් යුද අපරාධ චෝදනා එල්ල කරමින් යස්මින් සුකා කෙටුම්පත් කළ තෙවැනි වාර්තාව මෙයයි.