ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වාගෙන් සිය අප්‍රසාදය පළ කරමින් පකිස්තානයට ලිපියක්
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩි අවධානයක් දිනා ගත් ඉන්දු–පාකිස්තාන තරගය වර්ජනය කිරීමට පාකිස්තානය ගත් තීරණය සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත සිය අප්‍රසාදය පළ කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා යොමු කළ ලිපියෙන් සඳහන් වූයේ, පාකිස්තානය මුහුණදුන් අභියෝගකාරී අවස්ථාවලදී, ශ්‍රී ලංකා ක්‍රිකට් ලබාදුන් සහාය අමතක කර ඇති බවය.
මෙම තරගය පෙබරවාරි 15 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබුණි. ශ්‍රී ලංකා ක්‍රීඩකයින්, ප්‍රේක්ෂකයින් සහ ඉන්දීය–පාකිස්තාන ක්‍රීඩාලෝලීන් ඉහළ බලාපොරොත්තු තබා සිටි තරගයක් විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා සඳහන් කළේ, මෙම තරගයට අවශ්‍ය සියලු වාණිජ මෙහෙයුම්, සැපයුම් සේවා සහ ආරක්ෂා පියවර අවසන් කොට තිබූ බවය.
විශේෂයෙන්ම, ඉන්දු–පාකිස්තාන තරගයට වන ප්‍රවේශපත්‍ර සඳහා ඉහළ ඉල්ලුමක් පැවති අතර, ඒවා සීඝ්‍රයෙන් අලෙවි වී ඇති බවද ඔහු පෙන්වා දී ඇත.