පුහුණු හෙදියකට ලිංගික හිංසනයක් කළ පොලිස් පරික්ෂකවරයාට වැඩ වරදී.

Sri Lanka Police Sri Lanka
By krishani Feb 28, 2023 03:23 AM GMT
krishani

krishani

Report

නිල ඇඳුමෙන් බස් රථයක ගමන් ගත් සිටි පුහුණු හෙදියකට ලිංගික හිංසනයක් සිදු කළ බවට චෝදනා එල්ල වූ පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (27) පස්වරුවේ කොළඹ සිට අලු‍ත්ගම දක්වා ගමන් කළ බස් රථයකදී මෙම සිද්ධිය වාර්තා වූයේ.

25 හැවිරිදි මෙම පුහුණු හෙදිය කලබලයට හා අපහසුතාවයට පත්වනු දුටු එම බස් රථයේ ගමන්ගත් සිවිල් ඇඳුමෙන් සිටි අලු‍ත්ගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන තවත් පොලිස් සැරයන්වරයෙකු ඊට මැදිහත් වී ඇත.

පසුව සැකකාර පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇත.ඔහු දොඩන්ගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join