පාර්ලිමේන්තුවේ සේවිකාවකට ලිංගික හිංසන - නියෝජ්‍ය කථානායකගෙනුත් ප්‍රකාශයක්.

Parliament of Sri Lanka Sri Lanka Parliament Sri Lanka
By krishani Aug 08, 2023 01:00 PM GMT
krishani

krishani

Report

අද(08) පාර්ලිමේන්තුවේ දී සභාව අමතමින් මන්ත්‍රීණි රෝහිණි කවිරත්න ලිංගික හිංසනයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කළේ ය.

ඒ පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ කාන්තාවන්ට ලිංගික හිංසනයන් සිදුවන බවට සමාජ මාධ්‍ය හා පුවත්පත් වල තොරතුරු පල වී ඇති බව කියමින් ය.

වැඩිදුරටත් ඇය කියා සිටියේ ගෘහ පාලන අංශයේ කාන්තාවන්ට මෙලෙස ලිංගික හිංසනයන් සිදු වී ඇති බවත් මේ වනවිට එවැනි ලිංගික හිංසනයන් සිදු වී නොමැති බවට ලිපි හා ප්‍රකාශ ලබා ගැනීමක් ද සිදු වී ඇති බවට තමන්ට වාර්තා වී ඇති බවයි.

එමෙන්ම පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණධීරගේ අධීක්ෂණය යටතේ ජ්‍යේෂ්ඨ නිලධාරිනියන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් මගින් ආයතනික පරීක්ෂණයක් සිදුවන බවත් ඇය සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ඊයේ (07) සිට විමර්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව මූලාසනයේ සිට නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ සඳහන් කළේ ය.

ReeCha