ළමුන් 91ක් අපයෝජනය කළ සේවකයෙක් - විඩියෝ කර අන්තර්ජාලය හරහා බෙදා හැරලත්..
හිටපු ඕස්ට්‍රේලියානු ළමාරක්ෂක සේවකයෙක් විසින් එරට ළමුන් 91 දෙනෙකුව අපයෝජනයට ලක් කළ පුවතක් වාර්තා වෙනවා.
එමෙන්ම අදාළ පුද්ගලයා විසින් එය රූගත කර අන්තර්ජාලය හරහා බෙදා හැරීමට ද කටයුතු කර තිබෙනවා.
ඔහුගේ ඉලෙක්ට්‍රොනික උපාංගවල තිබී ඡායාරූප සහ වීඩියෝපට 4000ක් සොයාගෙන ඇති අතර එලෙස චෝදනාවලට ලක්ව ඇති ඔහුට වැරදි 1,600කට වැඩි ප්‍රමාණයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත.
ඒ අතර 45 හැවිරිදි මොහුට ස්ත්‍රී දූෂණ 246ක් සහ ළමයින්ට කළ පහරදීම් 673ක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බව සඳහන් වේ.
වසර 15ක කාලයක පටන් සැකකරු ඕස්ට්‍රේලියාවේ සහ විදේශයන්හි මධ්‍යස්ථාන රැසක දී තරුණ ගැහැණු ළමයින් අපයෝජනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
සැකකරු 2022 අගෝස්තු මාසයේ දී අත්අඩංගුවට ගත් නමුත්, විමර්ශනය කිරීමට සහ වින්දිතයන් හඳුනා ගැනීමට පොලිසියට වසරක පමණ කාලයක් ගත විය.
එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබිය හැකි බවයි.
කෙසේ වෙතත්,අදාළ සැකකරු අගෝස්තු 21 වැනි දින බ්‍රිස්බේන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
