මත්පැන් ලබා දී පාසල් සිසුන් සිව් දෙනෙක් කෙළෙසූ දෙදෙනෙක් අත්අඩංගුවට.

Sri Lanka Police Sri Lanka Sexual harassment Sri Lanka Police Investigation
By krishani Jul 08, 2023 12:10 AM GMT
krishani

krishani

Report

අලු‍ත්ගම ප්‍රදේශයේ සංචාරක නිකේතනයක දී මත්පැන් පානය කිරීමට දී පාසල් සිසුන් සිවු දෙනෙකු අපයෝජනය කළ පුවතක් වාර්තා වේ.

සැකකරුවන් 48 සහ 35 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙක් වන අතර ඔවුන් අලු‍ත්ගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සිසුන්ගේ පාසලේ ගුරුවරුන් සහ මව්පියන් කළ පැමිණිල්ලකට අනුවයි.

එම සිසුන් ෆේස්බුක් සහ ටික්ටොක් යන සමාජ මාධ්‍ය ඔස්සේ සැකකරුවන් හඳුනාගෙන කලක පටන් ඇසුරක් පවත්වා තිබෙනවා.

එම සැකකරුවන් සිසුන් හමුවේ පළමුව පෙනී සිට ඇත්තේ, තරුණියන් ලෙසින් වන අතර ඇතැම් දිනවල මෙම සිසුන් පාසල් නොයා සැකකරුවන් සමඟ ඇසුරට ගිය අවස්ථා ද ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ ජංගම දුරකතන පරීක්ෂා කිරීමේදී එහි තිබී මෙම පාසල් සිසුන් සිටින විවිධ දර්ශන ද සොයාගත් බව පොලිසිය  සඳහන් කළේ ය.