ඊශ්‍රායලයට යන්න ඉන්න ඔයාට කල් තියාම දරුණු අනතුරු ඇඟවීමක් - දැනගෙනම වැඩේට බහින්න
මේ වන විට ශ්‍රී ලංකාව තුළ පවතින දැඩි ආර්ථික අර්බුදකාරී තත්ත්වය මත බොහෝ දෙනා විදෙස්ගත වී වැඩි වැටුපකට රැකියාවක් කිරීමට නොයෙකුත් අවස්ථාවන් පිළිබඳව සොයමින් ඒ සඳහා යොමු වෙමින් පවතී.
එවැනි කාල සීමාවක් තුළ ඒ ඊශ්‍රායලයේ රැකියා ලබාදෙන බවට පවසා රුපියල් කෝටියකට වැඩි මහා පරිමාණ මූල්‍ය වංචාවක් සිදු කළේ යැයි විදෙස් සේවා නියුක්ති කාර්යාංශය සේවය කර ඉවත් වූූ නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීම සිදුවිය.
ඒ අනුව ඔහු වැඩි වැටුපකට ඊශ්‍රායලයට යවන බව පවසා මෙලෙස මුදල් ලබා ගෙන ඇත.ඒ අනුව විශේෂ පොලිස් ඒකකය මගින් ඔහු අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවය කර ඉවත්වූ රියැදුරකු විසින මහා පරිමාණ මෙම මුදල් වංචාව සිදුකර තිබෙන අතර ඔහු මේ වනවිට විමර්ශනවලට බියේ සැඟවී සිටින බව එහි උසස් නිලධාරියෙක් පැවැසීය.
පෙරේදා අත්අඩංගුවට ගනු ලැබුවේ එම සැකකාර හිටපු රියැදුරාට සහාය ලබාදුන් නිලධාරියෙකි. මෙම වංචාව සම්බන්ධයෙන් හිටපු රියැදුරාගේ අනියම් බිරිඳ බව කියන කාන්තාවක ද මීට පෙර කාර්යාංශ පොලිස් ඒකකයේ නිලධාරින් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.
විදේශ රැකියා වංචාකරුවන්ට එරෙහිව විශේෂ විමර්ශන ඒකකය ක්‍රියාත්මකවීම නිසා විදෙස් වංචා සම්බන්ධයෙන් පැමිණිලි අඛණ්ඩව ලැබෙන බවද එම නිලධාරියා තවදුරටත් කීය.
එබැවින් මෙවැනි වංචාකරුවන්ට අසුවීමට ප්‍රථම විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුවත් කර අවශ්‍ය උපදෙස් අනුගමනය කරන මෙන් සියලු දෙනාගෙන්ම රජය ඉල්ලා සිටියි.