ප්‍රදේශ කිහිපයක දරුණු නාය යෑම්..06ක් මරුට..02ක් අතුරුදන්..3කට බරපතලයි.
කුරුණෑගල - රිදීගම ප්‍රදේශයේ පස් කන්දක් නිවසක් මතට කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
මේ අතර, කෑගල්ල - ගලිගමුවේ නායයෑමකට හසු වූ නිවසක සිටි මව, පියා සහ පුතු අතරින් මව මුදාගෙන ඇති අතර, සෙසු දෙදෙනා තවමත් අතුරුදන් වී ඇති බවයි ආපදා කළැමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ.
ඉන් එක් අයකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මර්ග පවසයි.
පස්කන්දට යටවූවන් සොයා යුද හමුදාව සහ සහන කණ්ඩායම් මේ වන විට කටයුතු කරන බවද වාර්තා වෙයි.
මේ අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයන් 4 දෙනෙකු ඊයේ මිය ගියා.
මෙම අනතුරෙන් මව සහ අට හැවිරිදි සහ දාහතර හැවිරිදි දියණියන් දෙදෙනා මියගියා.
එමෙන්ම පියා දැඩි ලෙස අනතුරට ලක්ව රෝහල් ගත කෙරුණා.
පියා මේ වන විට කෑගල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
සොයා ගන්නා ලද සිරුරු රඹුක්කන මහ රෝහලට රැගෙන ගොස් තිබේ.
මේ අතර කුරුණෑගල ප්‍රදේශයේ මහා මාර්ග යට කරමින් ඇතිවූ ගංවතුර තත්ත්වය පහතින් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
