අද හවස් වෙනකල් තත්ත්වය භයානකයි - මේ ප්‍රා.ලේ.කො. 30කටම අනතුරු ඇඟවීම්

Report

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය නිසා දිස්ත්‍රික්ක අටක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට කටයුතු කර ඇත.

එබැවින් බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල හා කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ට පූර්ව අනතුරු ඇඟවීමේ දෙවන මට්ටමේ අවදානමෙන් සිටින මෙන් දැනුම්දීමේ නිවේදන නිකුත් කොට තිබෙනවා.

අඩුපීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි

අඩුපීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි

එසේම බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙළ හපුතලේ, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟවට කෝරලය, උඩුනුවර, උඩ පලාත, තුම්පනේ, පාතහේවාහැට, උඩදුම්බර, ගඟ ඉහල කෝරලය, පස්ටාගේ කෝරලය, යටිනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන, මාවනැල්ල, දැරණියගල, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම, මල්ලවපිටිය. මොනරාගල දිස්ත්‍රික්කයේ බබල, නුවර එළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, හඟුරන්කෙත, වලපනේ, හෝවුඩ්, කොත්‍මලේ රත්නපුර දිස්ත්‍රික්කයේ තිරිඇල්ල, බලන්ගොඩ, කලවාන, කොලොන්න සහ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් සඳහා පළමු මට්ටමේ විමසිලිමත්ව සිටින මෙන් සඳහන් අනතුරු ඇගයීමේ නිවේදනය නිකුත් කිරීමට පියවර ගෙන ඇත.

කෙසේ වෙතත් අද (18) දින පස්වරුව දක්වා මෙම නිවේදන වලංගු වන බව සඳහන්.

අඳාළ නිවේදන නිකුත් කොට ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ගේ පදිංචි ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතු බවද ජාතික ගොඩ නැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් දක්වා ඇත.

ජපන් රජයෙන් නරක ආරංචියක්

ජපන් රජයෙන් නරක ආරංචියක්

BYD අලෙවිය 63%කින් බිමට

BYD අලෙවිය 63%කින් බිමට