ඉන්දියාවේ දරුණු වසංගත තත්ත්වයක්
මදුරුවන්ගෙන් බෝවන චිකුන්ගුන්යා රෝගය ඉන්දීය සාගර කලාපය කේන්ද්‍ර කොටගෙන දැන් වසංගතයක් ලෙසින් ව්‍යාප්ත වෙමින් පවතින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබෙනවා.
මේ වනවිට චිකුන්ගුන්යා රෝගය යුරෝපය ඇතුළු වෙනත් කලාප වෙත ද ව්‍යාප්ත වෙමින් පවතින බවයි එම සංවිධානය තවදුරටත් කරුණු දක්වනු ලබන්නේ.
වෛරසය පැතිරීමේ අවදානම පවතින රටවල් 119ක බිලියන 5.6ක පමණ ජනගහණයක් වාසය කරන බවට ඇස්තමේන්තු කර තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය නිලධාරීනි ඩියානා රොහාස් අල්වාරෙස් ජිනීවා නුවරදී ඊයේ ප්‍රකාශ කර ඇත්තේ චිකුන්ගුන්යා නැවත පැතිරීම ඉතිහාසයේ නවමු සිදුවීමක් ලෙස හැඳින්විය හැකි බවයි.
චිකුන්ගුන්යා රෝගය මීට පෙර 2004 - 2005 කාල වකවානුවේදී ලොව පුරා වසංගතයක් ලෙසින් පැතිර යාමක් දක්නට ලැබුණි.
එහිදී රෝගය වැළඳුණු සංඛ්‍යාව 500,000ක් පමණ වනවා.
එම කාල වකවානුවේදීත් වැඩි වශයෙන් චිකුන්ගුන්යා රෝගයට ගොදුරු වුයේ දූපත්වාසී ජනතාවයි.
මෙම වර්ෂයේ මුල් කාල සීමාවෙි දී වර්තමාන චිකුන්ගුන්යා රැල්ල ආරම්භ වුණා.
ලා-රීයුනියන්, මයොට් සහ මොරිෂන් ආදී ඉන්දීය සාගරයේ කුඩා දිවයින් රාජ්‍යවල මුලින්ම රෝග ව්‍යාප්තිය දක්නට ලැබී ඇත.
විදෙස් වාර්තා සඳහන් කරන්නේ ලා - රීයුනියන් නැමැති කුඩා දිවයිනේ ජනගහණයෙන් තුනෙන් එකකට මේ වනවිට චිකුන්ගුන්යා රෝගය වැළඳී ඇති බවයි.
එම වෛරසය දැන් මැඩගස්කරය, සෝමාලියාව සහ කෙන්යාවට ද පැතිරෙමින් පවතින බවත් වෛද්‍ය ඩියානා රොහාස් වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවා.
ඇය කියා සිටියේ ඉන්දියාව ඇතුළුව දකුණු සහ අග්නිදිග ආසියාතික කලාපයට ද චිකුන්ගුන්යා රෝගය පැතිරෙමින් පවතින බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය නිලධාරිනිය සඳහන් කරන ලද්දේ පිටතින් පැමිණෙන වෛරස් වාහකයන්ට අමතරව යුරෝපය තුළම රෝගය ව්‍යාප්තවීමක් දක්නට ලැබෙන බවයි.
එමෙන්ම පසුගිය මැයි 1 වැනිදා සිට ප්‍රංශයට පිටතින් ප්‍රචාරණය වූ චිකුන්ගුන්යා රෝගීන් සංඛ්‍යාව 800ක් පමණ වන බව ද ඇය සඳහන් කල තොරතුරු අතර ඇතුළත් වනවා.
ඒඩීස් මදුරු විශේෂ හරහා බෝවන චිකුන්ගුන්යා රෝගය තද උණ, සන්ධි වේදනාව සහ දිගුකල් පවතින දුබලතා යන රෝග ලක්ෂණ සහිත රෝගයකි.
