මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක් - මේ ආයතන එක්ක ආයේ මුදල් ගණුදෙනු එපා
තවත් නීති විරෝධී පිරමීඩ යෝජනා ක්‍රම පිළිබඳව ජනතාව මුලා කරමින් කටයුතු කෙරූ ආයතන කීපයක් සම්බන්ධයෙන් පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව විසින් ජනතාවට නිවේදනයක් නිකුත් කොට තිබේ.
1988 අංක 30 දරන (සංශෝධිත)බැංකු පනතේ 83(ඇ) වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විමර්ශනයක් පැවැත්වීමෙන් අනතුරුව "SGO/sgomine.com" විසින් තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක නියැලීම, පවත්වා ගැනීම සහ ප්‍රවර්ධනය කිරීම සිදුකර ඇති බවට හඳුනාගෙන ඇත.
තවද, 1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 83(ඇ) වගන්තියට අනුව පහත සඳහන් ආයතන/යෙදවුම් (Apps) විසින්ද තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වා ඇති බවට නිර්ණය කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
1. Tiens Lanka Health Care (Pvt) Ltd
2. Best Life International (Pvt) Ltd
3. Mark – Wo International (Pvt) Ltd
4. V ML International (Pvt) Ltd
5. Global Lifestyle Lanka (Pvt) Ltd
6. Fast3Cycle International (Pvt) Ltd
7. Sport Chain app, Sport Chain zs society Sri Lanka
8. OnmaxDT
9. MTFE App, MTFE SL Group, MTFE Success Lanka, MTFE DSCC Group
10. Fastwin (Pvt) Ltd
11. Fruugo Oline App/ Fruugo Oline (Pvt) Ltd
12. Ride to Three Freedom (Pvt) Ltd
13. Qnet/ Questnet
14. Era Miracle (Pvt) Ltd. And Genesis Business School
15. Ledger Block
16. Isimaga International (Pvt) Ltd
17. Beecoin App and Sunbird Foundation
18. Windex Trading
19. The Enrich Life (Pvt) Ltd
20. Smart Win Entrepreneur (Pvt) Ltd
21. Net Fore International (Pvt) Ltd./ Netrrix
22. Pro Care (Pvt) Ltd., Shade of Procare (Pvt) Ltd