ප්‍රදේශ කිහිපයකට කාලගුණයෙන් බලපෑම්.

Kalutara Matara Ratnapura Department of Meteorology Weather
By Hashini Sep 30, 2023 08:42 AM GMT
Hashini

Hashini

Report

ප්‍රදේශ කිහිපයකට බලපා ඇති වැසි සහිත කාලගුණයෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 3244 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මාතර දිස්ත්‍රික්කයේ පවුල් 596 ක පුද්ගලයින් 2600 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 13 ක පුද්ගලයින් 50 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා.

රත්නපුර දිස්ත්‍රික්කයේ පීඩාවට පත් පවුල් සංඛ්‍යාව 151 ක් වන අතර, එහි පුද්ගලයින් සංඛ්‍යාව 594 කි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් අපේක්ෂා කරන බවයි.  

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට සුළු ගංවතුර තත්ත්ව.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට සුළු ගංවතුර තත්ත්ව.


ReeCha