මැද පෙරදිගට පැන්න මත් ජාවාරම්කරුවන් හතක් කැමැත්තෙන් භාර වෙන්න එකඟ වෙයි - ඇත්තටම කවුද මේ මෙන්න විස්තරය
මේ වන විට විෂ මත්ද්‍රව්‍ය ලෝකයෙන් තුරන් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන අතර ඒ අනුව ' රටම එකට' ජාතික වැඩසටහනද ක්‍රියාත්මක වේ.
ඒ වැඩසටහනට සමගාමීව කොළඹ දිස්ත්‍රික් මෙහෙයුම් වැඩසටහනකට එක්වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විශේෂ කරුණක් සඳහන් කළේය.
ඒ අනුව මැද පෙරදිග සැඟව සිටින ශ්‍රී ලාංකික මත් ජාවාරම්කරුවන් හත් දෙනෙකු මෙරට බලධාරීන් වෙත භාරවීමට කැමැත්ත පළකර ඇති බවට එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඒ අනුව පසුගිය කාලසීමාවේදී ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙක් කෙහෙල් බද්දර පද්මේ ඇතුළු පාතාල කල්ලි සාමාජිකයන් රැසක් විශාල මෙහෙයුමකට යටත්ව ලංකාවට රැගෙන එනු ලැබීය.
ඉන් අනතුරුව තවත් ප්‍රසිද්ධ අපරාධකාරියක් ලෙස සැඟවී සිටි ඉෂාරා සෙව්වන් දී නැමැති තැනැත්තියද මෙලෙස අත් අඩංගුවට ගෙන ලංකාවට රැගෙන ඒම සිදුවිය.