දළදා වහන්සේට අපහාස කළ සේපාල සමාව අයැදියි - එම නඩුවට අධිකරණය දුන් නියෝගය.

Sri Lanka
By krishani Feb 21, 2023 05:44 AM GMT
krishani

krishani

Report

දළදා වහන්සේට අපහාස කිරීම සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බවට සමාජ මාධ්‍ය ක්‍රියාකාරි සේපාල් අමරසිංහ විසින් දැනුම්දීමෙන් අනතුරුව ඔහුගේ නඩු කටයුත්ත අවසන් කිරීමට අද (21) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කළේ ය.

මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඉදිරියේ කැඳවනු ලැබු අතර එහිදී සැකකාර සේපාල් අමරසිංහ වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා මහනායක හිමිවරුන්ගෙන් හා බෞද්ධ ප්‍රජාවගෙන් කොන්දේසි විරහිතව සමාව අයැද සිටින බව දන්වා සිටියේ ය.

එවැනි කොන්දේසි විරහිතව සමාවක් අයැද සිටින්නේ නම් නඩු කටයුතු අවසන් කිරීමට සූදානම් බව පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පැවසීය.

කෙසේවෙතත් අධිකරණය හමුවේ පෙනීසිටි පැමිණිලිකාර බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ පූජ්‍ය අගුරුවැල්ලේ ජිනානන්ද හිමියන් ඇතුළු පිරිසගෙන් ද සමාව අයැද සිටියේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join