සිසුවියන්ට අසභ්‍ය ජායාරූප යැවු දෙදරු පියා

online pitigala hsalaka kiwle vadiya obscene photos
By Sewvandhi Jul 10, 2021 04:28 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ අධ්‍යාපනය හදාරන පාසල් සිසුවියන් දුරකථන අංක වලට අසභ්‍ය ඡායාරූප යොමුකළ 27 හැවිරිදි දෙදරු පියෙකු පිටිගල ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු විසින් පාසල් සිසුවියන්ගේ දුරකථන අංකවලට අසභ්‍ය ඡායාරූප යැවීමෙන් පසු ඔවුන් වෙත අමතා ප්‍රකාශ කර ඇත්තේ තමන් හමුවීමට පැමිණෙන ලෙසටයි.

ඒ අනුව සිසුවියක් තම දෙමපියන් සමග අදාල පුද්ගලයා හමුවීමට පැමිණ ඇති අතර ඒ පිළිබදව පොලිසියට ද දැනුම් දී තිබෙනවා. ඉන් අනතුරුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මේ අතර ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ අධ්‍යාපන කටයුතු සිදුකිරීමේ දී දැඩි අපහසුතාවයට පත්ව සිටින තවත් සිසුන් පිරිසක් පිළිබදව තොරතුරු හසලක - කිවුලේවාඩිය ප්‍රදේශයෙන් වාර්තා වුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha