පොලිස් නිලධාරියෙක්ව යට කළ පොලිස් ලොක්කෙක්ගේ පුතෙකුට අද ලැබුණු තීන්දුව.
රිය අනතුරක් සිදුකර පොලිස් නිලධාරියෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරද පිළිගත් නවිඳු උමේෂ් රත්නායක නමැති තරුණයාට අද දඬුවම් නියම වුණා.
ඒ, අනුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් අත්හිටවූ සිරදඬුවම් හා දඩ නියම කරනු ලැබුවා.
2019 වසරේ කොල්ලුපිටිය, ඩුප්ලිකේෂන් මංසන්ධියේ දී අදාල රිය අනතුර සිදු වූ අතර පොලිස් පරීක්ෂක ආනන්දසාගර සරච්චන්ද්‍ර මහතා ඉන් බරපතල තුවාල ලැබූ අතර පසුව ඔහු මියගියා.
එම නිසා විත්තිකරුට වසර 2ක බරපතළ වැඩසහිත සිරදඬුවමක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එය වසර 15 කට අත්හිටුවන බවත් නියෝග කළා.
එමෙන්ම රුපියල් එක්ලක්ෂ පනස් දහසක දඩයක් ද නියම කළ විනිසුරුවරයා මියගිය පුද්ගලයාගේ බිරිඳට රුපියල් ලක්ෂ 26ක වන්දියක් ගෙවන ලෙසද නියෝග කරනු ලැබුවා.
මෙම චෝදනාව එල්ල වන්නේ, උසස් පොලිස් නිලධාරියෙකුගේ පුත්‍රයකු වන නවිඳු උමේෂ් රත්නායක නමැත්තාට වන අතර ඔහුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |