"..මට කිසිම ලැජ්ජාවක් නෑ..මම නයිටියක් ඇදන් ටවුන් එක පුරාම දිව්වා.." - සේමිනී ඉද්ද්මල්ගොඩ..(PHOTOS)
මේ දිනවලා ස්වාදීන රුපවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වන ‘එයා දැන් බැඳලා’ ටෙලි නාට්‍යයේ සුද්දිගේ චරිතය හරහා වසර 9කට පසුව ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි සේමිණී ඉද්දමල්ගොඩ කියලා කියන්නේ. ඉතින් සුද්දි කියන්නේ ඇයට නුපුරුදු ආමන්ත්‍රණයක් නෙමෙයි කියලයි ඇය කියන්නේ. මොකද ඇය සුදු හින්දා පුංචි කාලේ ඇයගේ ආච්චි අම්මත් ඇයට කතා කරලා තියෙන්නේ සුද්දි කියලා. ඒ නිසා ඒ නම ඇයට හොඳට හුරුයි. ඉතින් 28 චිත්‍රපටයේ දිගුවක් තමයි එයා දැන් බැඳලා ටෙලි නාට්‍ය.
ඉතින් ඒ වගේම මෙම ටෙලිනාට්‍යයේ ෂූටින් කළේ නුවර ගලහ ප්‍රදේශයේ. ඉතින් සුළං කපොල්ලක් මැද්දේ රූගත කිරීම් කරන්න සිදු වුණා කියලත් ඇය කියනවා. එතකොට සීතල නිසා නිෂ්පාදන කණ්ඩායමේ සියලුම දෙනා ජැකට් දාලා කන් වහගෙන ඉන්නකොට ඇයගේ ඇඳුම් ඇත්තෙම නැහැ වගේ කියලයි ඇය කියන්නේ. පුදුමාකාර සීතලක්ලු තිබුණේ. නමුත් ඇය කොච්චර සීතලක් මැද්දේද රූගත කළේ කියලා කාටවත් පේනේවි කියලා ඇයට හිතෙන්නේ නැහැලු. ඒ වගේම තමයි මේ චරිතය නිසා පුංචි නයිටි කෑල්ලක් ඇඳගෙන ගලහ මුළු ටවුන් එකේම දුවන්න සිද්ධ වුණා කියලත් ඇය කියනවා.
ඉතින් ඒ චරිතයට ඒ රංගනය සහ ඇඳුම් පැළඳුම් අනිවාර්යයි කියලයි ඇය කියන්නේ. සුද්දිට ඒ කියන වස්ත්රාභරණ නැතිනම් එළියක් ලැබෙන්නේ නැහැලු. ඒ වගේම ඇයට කිසිම ලැජ්ජාවක් තිබුණේ නෑ කියලත් ඇය කියනවා. ඉතින් නගරයේදීවත් කිසිම කෙනෙක් වැරදි ඇහැකින් ඇය දිහා බලන්න, වැරදි දෙයක් කියන්න එහෙම අවේ නැහැ කියලයි ඇය කියන්නේ. ඒ වගේම බොහොම ගෞරවයෙන් තමයිලු රසිකයෝ ඇවිත් ඇයට කතා බහ කළේ.
ඒ වගේම ඇය ටෙලි නාට්‍යයක රඟපෑවේ අවුරුදු නවයකින් විතර කියලත් ඇය කියනවා. මොකද පසුගිය කාලයේ ඇය චිත්‍රපටවල විතරයි රඟපෑවේ. ඒ නිසාම ඇය බොහොම පොඩි ටෙලි නාට්‍ය කිහිපයකට තමයි සම්බන්ධ වුණේ. නමුත් ඇය කළා ක්ෂේත්රයට ඇවිල්ලා අවුරුදු විසි ගණනක් වෙනවා කියලත් ඇය කියනවා. ඉතින් ඇයට ඕනෑ නම් ටෙලි නාට්‍ය 200 ක 300 ක විතර වැඩ කරන්න තිබුනත් ඇය වැඩ කළේ ටෙලි නාට්‍ය අතළොස්සක විතරයි. ඉතින් ඒ අතළොස්සටත් ප්‍රේක්ෂකයාගේ ආදරය, ගෞරවය අදටත් ලැබෙනවා කියලයි ඇය අවසාන වශයෙන් පැවසුවේ. (උපුටාගැනීමක්)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |