ගජ මුතු නිධානයකින් ගත්තේ යැයි අමුතු කතාවක් කියයි..? සියල්ල හමුදා භාරයට..

By Sewvandhi Oct 11, 2021 12:47 AM GMT
Sewvandhi

Sewvandhi

Report

නිධනයකින් ලබාගත් දුර්ලභ ගනයේ ගජමුතු යැයි පවසා රුපියල් කෝටි තුනකට අධික වටිනාකමකින් යුතු ගජමුතු 04 ක් විකිණීමට රැගෙන ආ සැකකරුවන් තිදෙනකු වවුනියාවේදී මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මුලතිව් සෙල්වපුරම් පොලිස් විශේෂකාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් වව්නියාවේ මිල් මාර්ගයේ පෞද්ගලික හෝටලයක් ආසන්නයේ පිහිටි රථගාලක් තුලදී අදාල සැකකරුවන් ගජමුතු තොගයද සමගින් පසුගිය 08 වනදා සවස අත්අඩංගුවට ගනු ලැබීය.

අදාල ගජමුතු සැකකරුවන් වෙත ලැබුනු ආකාරය පිළිබඳව මෙතෙක් අනාවරනය වී නොමැති අතර ගජමුතු තොගය මිලදී ගන්නා අයුරින් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් උපාය දූතයෙකු යොදා මෙලෙස සැකකරුවන් සහ ගජමුතු හතර අත්අඩංගුවට ගන්නා ලදි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාම මුස්ලිම් ජාතිකයින් වන අතර ඔවුන් අවුරුදු 29 ,30 සහ 53 වයස්හි පසුවන කුරුනෑගල, මහව සහ නිකවැරටිය ප්‍රදේශයන්හි පදිංචි කරුවන් වෙයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා සහ ගජමුතු තොගයන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වව්නියාව පොලිස් ස්ථානයට භාර දීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පියවර ගත් අතර සැකකරුවන් වව්නියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත. පොලිස් විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ කලාප අණදෙන නිලධාරී යාපනය ජේෂ්ඨ පොලිස් අධිකාරී ඩී.ඩී.ඩී.කේ. හෙට්ටිආරචි මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරික්ෂක යු.වී.සී.ටී. විජේරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීමක් සිදුකරනු ලැබීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now