සීතා ඇතින්නට වෙඩි තබා ඇත්තේ ජීව උණ්ඩ භාවිතයෙන්.

Police spokesman Sri Lanka Elephant Gun Shooting
By Hashini Oct 04, 2023 04:51 AM GMT
Hashini

Hashini

Report

පසුගිය 30 වනදා අලුයම් කාලයේ දී සීතා ඇතින්නට වෙඩි තබා තිබුණා.

වනජිවී නිලධාරියෙකු විසින් කරන ලද මෙම වෙඩි තැබීම ජීව උණ්ඩ භාවිත කරමින් කරන ලද බවට තහවුරු වී තිබෙනවා.

ඊයේ (03) දිනයේ සීතා ඇතින්නට සිදු කළ ස්කෑන් පරීක්‍ෂණයෙන් මේ බව හෙළි වී තිබෙනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතාගේ මුලිකත්වයෙන් එම පරීක්ෂාවන් සිදු කරනු ලැබුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය අශෝක දංගල්ල මහතා සඳහන් කළේ,

ඇතින්නට ස්කෑන් පරීක්ෂණයක් කරලා තියෙනවා. එක්ස් රේ එකකුත් කරලා තියෙනවා. එක්ස් රේ මැෂින් එකට පුළුවන්කමක් තිබුණේ නෑ පපුව හරහා ගිහින් හොඳ එක්ස් රේ එකක් ලබාදෙන්න. නමුත් ස්කෑන් එකෙන් පෙන්වා තුවාල 7ක් තියෙනවා. ඒ තුවාලවල ජීව උණ්ඩ කියන ලෝහයකින් හදපු දෙයක් මේවායේ තියෙනවා කියලා. ඒකෙන් පැහැදිලියි අපිට මේ තියෙන්නේ ප්ලාසිටික් නෙමෙයි මේ තියෙන්නේ ලෝහ කෑලි කියලා. අපිට හොඳටම විශ්වාසයි මේ උණ්ඩ, ජීව උණ්ඩ කියලා. ඉවත් කළ යුතුයි නමුත් අපි තාම තීරණයක් අරන් නෑ.

සීතා ඇතින්න මෙම වෙඩි ප්‍රහාරයට ලක් වුයේ මහියංගන රජ මහා විහාරයේ වාර්ෂික පෙරහැරට සහභාගී වීමට පැමිණ සිටියදීයි.  

සීතා ඇතින්නට වෙඩි ප්‍රහාරයක් (PHOTOS)

සීතා ඇතින්නට වෙඩි ප්‍රහාරයක් (PHOTOS)


ReeCha