සීනිමෝදර මත්ද්‍රව්‍ය සිද්ධිය - 16 හැවිරිදි සැකකරු රඳවා ප්‍රශ්න කිරීමට අවසර

Report

තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ නිවසකින් මත්ද්‍රව්‍ය සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාගේ 16 හැවිරිදි පුත්‍රයා රඳවා ප්‍රශ්න කිරීමට තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (26) පොලීසියට අවසර ලබා දී ඇත.

මෙම සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඔක්තෝබර් 01 වැනිදා දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර හිමි වී ඇත.

ප්‍රෙග්නට් වෙලා ක්ලිනික් එකට යන මුවාවෙන් කුඩු විකුණු කපල් එක මාට්ටූ

ප්‍රෙග්නට් වෙලා ක්ලිනික් එකට යන මුවාවෙන් කුඩු විකුණු කපල් එක මාට්ටූ

මෙම සිද්ධියට අදාළව, මියගිය පුද්ගලයාගේ පුතුන් දෙදෙනා, මත්ද්‍රව්‍ය සහිත ලොරි රථවල හිමිකරුවන් ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු මීට පෙර පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. ඉන් එක් පුත්‍රයෙකු සහ ලොරි රථවල හිමිකරුවන් ඉකුත් 24 වැනිදා අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, ඔවුන් ලබන 29 වැනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබා දී තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන තවදුරටත් සිදුවෙමින් පවතින අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රකාශ ලබාගැනීම ආරම්භ කර ඇත.

සජිත් හෝදලාම දෙයි.. වත්කම් බැරකම් ටික මෙන්න. පැමිණිල්ල අසත්‍යයි..

සජිත් හෝදලාම දෙයි.. වත්කම් බැරකම් ටික මෙන්න. පැමිණිල්ල අසත්‍යයි..

හිටපු ඇමැති මනුෂ අත්අඩංගුවට කලින්ම අපේක්ෂිත ඇප අයදුම් කරයි

හිටපු ඇමැති මනුෂ අත්අඩංගුවට කලින්ම අපේක්ෂිත ඇප අයදුම් කරයි