නාඋයනේ අනතුරින් අපවත් වූ හිමිිවරුන්ගේ දේහයන් කොළඹට

Report

මැල්පසිරිපුර පන්සියගම නාඋයන ආරණ්‍ය සේනාසනයේ සිදුවූ අනතුරෙන් අපවත් වූ විදේශීය භික්ෂූන්වහන්සේලා තිදෙනාගේම දේහ ඔවුන්ගේ රටවලට යැවීම සඳහා මේ වනවිට බොරැල්ලේ ප්‍රසිද්ධ මල් ශාලාවක තැන්පත් කර තිබේ.

රුසියානු ජාතික ධම්මරක්ඛිත, රුමේනියානු ජාතික ධම්මරංසි සහ ඉන්දීය ජාතික ධම්මගවේෂි හිමිවරුන්ගේ දේහ එම මල් ශාලාවේ ශ්‍රී ලාංකිකයන්ට අවසන් ගෞරවය දැක්වීම සඳහා තබා ඇත.

කොපි කළ හැක සම කළ නොහැක ලෝකයක් ඉදිරියේ ජනපති කළ කතාව කොපියක් බව කියන දයාසිරි

කොපි කළ හැක සම කළ නොහැක ලෝකයක් ඉදිරියේ ජනපති කළ කතාව කොපියක් බව කියන දයාසිරි

එම හිමිවරුන්ගේ වීසා බලපත්‍රවල නීත්‍යානුකූල කටයුතු අවසන් කර එම රටවල ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාල මගින් යැවීමට රජයේ මැදිහත් වීමෙන් පියවර ගෙන තිබේ. අපවත්ව සිටින අනෙක් භික්ෂූන්වහන්සේලා සිවු දෙනාගේ දේහ මේ වනවිට අවසන් ගෞරවය සඳහා නාඋයන ආරණ්‍ය සේනාසනයේ ධර්ම ශාලාවේ තැම්පත් කර තිබේ.

පාන් ගෙඩියකින් සේවකයෙකුගේ ඇගිලි සමෙක කොටසක්

පාන් ගෙඩියකින් සේවකයෙකුගේ ඇගිලි සමෙක කොටසක්

පවතින අධික වැසි තත්වයද නොතකමින් මේ වනවිට දිවයිනේ නන් දෙසින් භික්ෂූන් වහන්සේලා, අන්‍ය ආගමික නියෝජිතයන්, දේශපාලනඥයින්, ගිහි ජනතාව ඇතුළු විශාල පිරිසක් උන්වහන්සේලාට අවසන් ගෞරවය දැක්වීම පිණිස නාඋයනට පැමිණෙමින් සිටිති. අවසන් කටයුතු හෙට (27) පස්වරු 1.30 ට පන්සියගම පොදු ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතයි.

තිස්සමහාරාමයේ වෙඩි තැබීමක්

තිස්සමහාරාමයේ වෙඩි තැබීමක්