හිටපු ඇමැති මනුෂ අත්අඩංගුවට කලින්ම අපේක්ෂිත ඇප අයදුම් කරයි

Report

ඊශ්‍රාලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් යැවීමේ ගිවිසුම් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (කොමිසම) විසින් අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් ඇති බැවින්, කිසිදු නෛතික පසුබිමක් හෝ සාක්ෂිවලින් තොරව දේශපාලන එදිරිවාදිකම් මත එවැනි ක්‍රියාමාර්ගයකින් වළකින ලෙස ඉල්ලා හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අද (26) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනු කර ඇත.

කීර්ති නාමයට හානි කිරීමේ අරමුණු ඇතිව ඇප දිය නොහැකි වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් ඇති බැවින් මෙම අයදුම්පත යොමු කර ඇති බව අයදුම්පතේ සඳහන් වේ.

හිටපු ඇමති මනූෂ ගුවන් තොටුපලට ගොඩබහිද්දීම අල්ලස් කොමිසමෙන් කැඳවීමක්

හිටපු ඇමති මනූෂ ගුවන් තොටුපලට ගොඩබහිද්දීම අල්ලස් කොමිසමෙන් කැඳවීමක්

කොමිසම විසින් ඉකුත් සැප්තැම්බර් 8 වැනිදා හිටපු අමාත්‍යවරයාට ප්‍රකාශයක් ලබාදීමට කැඳවූ නමුත්, ඔහු විදේශගතව සිටි නිසා ඔහුගේ නීතිඥයින් විසින් ලිඛිතව දැනුම් දී ඇත්තේ ලංකාවට පැමිණීමෙන් පසුව ප්‍රකාශයක් ලබාදෙන බවයි.

එදිනම ඔහුගේ බිරිඳටද කැඳවීම් ලිපියක් භාර දී ඇති අතර, හිටපු අමාත්‍යවරයා පැමිණෙන දිනය සඳහන් නොවූ නිසා ඇය 12 වැනිදා ප්‍රකාශයක් ලබාදීමට පැමිණි බවත්, එහිදී ඔහු 28 වැනිදා ලංකාවට පැමිණෙන බව දැනුම් දුන් බවත් වාර්තා වේ.

සැප්තැම්බර් 22 වැනිදා හිටපු අමාත්‍යවරයාගේ නීතිඥයින් විසින් කොමිසමට දැනුම් දී ඇත්තේ 28 වැනිදා පැමිණීමෙන් පසු 30 වැනිදා හෝ ඔක්තෝබර් 1 වැනිදා ප්‍රකාශයක් ලබාදෙන බවයි.

එහෙත්, 28 වැනිදා ගුවන් යානයෙන් ලංකාවට පැමිණෙන අවස්ථාවේදීම කොමිසමේ නිලධාරීන් ගුවන් තොටුපළේදී ඔහුට කැඳවීම් ලිපිය භාර දී ඇත. 

යාපනය කියන්නේ මාලිමාවේ 'බුලත් විටක' නෙවෙයි.. - අර්චුනා අදත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි

යාපනය කියන්නේ මාලිමාවේ 'බුලත් විටක' නෙවෙයි.. - අර්චුනා අදත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි

නාමල්ගේ ‘ක්‍රිෂ්’ නඩුවේ පූර්ව නඩු විභාගයට දින දෙයි

නාමල්ගේ ‘ක්‍රිෂ්’ නඩුවේ පූර්ව නඩු විභාගයට දින දෙයි

හිටපු ඇමති මනූෂ ගුවන් තොටුපලට ගොඩබහිද්දීම අල්ලස් කොමිසමෙන් කැඳවීමක්

හිටපු ඇමති මනූෂ ගුවන් තොටුපලට ගොඩබහිද්දීම අල්ලස් කොමිසමෙන් කැඳවීමක්

Gallery