"දැන් හාල්මැස්සෝ නෙවෙයි, තෝරු මෝරු අහුවෙන කාලය" - ජගත් මනුවර්ණ

Report

මහනුවර දිස්ත්‍රික් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා අද (26) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, දූෂණයට එරෙහිව සටන් කිරීම භයානක වුවත්, එයට එරෙහිව නොසිටීම ඊටත් වඩා භයානක බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී පැවසූ බවත්, එම ප්‍රකාශය තමන් නැවත අවධාරණය කරන බවත්ය.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ, තම පක්ෂය දේශපාලන පළිගැනීම්වල යෙදෙන බවට එල්ල වන චෝදනා පදනම් විරහිත බවයි. ඔහු උදාහරණයක් ලෙස, මත්තල ගුවන් තොටුපොළේ පර්යන්තය එක් ආණ්ඩුවක් "නෙළුම් පොහොට්ටුවක" හැඩයට තීරණය කළ අතර, ඊළඟ ආණ්ඩුව එය "අරලිය පෙත්තක" හැඩයට වෙනස් කිරීමට තීරණය කළ බවත්, මෙවැනි අනවශ්‍ය වියදම්වලින් රටේ ජනතාවගේ මුදල් නාස්ති වූ බවත් පෙන්වා දුන්නේය.

සජිත් හෝදලාම දෙයි.. වත්කම් බැරකම් ටික මෙන්න. පැමිණිල්ල අසත්‍යයි..

සජිත් හෝදලාම දෙයි.. වත්කම් බැරකම් ටික මෙන්න. පැමිණිල්ල අසත්‍යයි..

"මිනිස්සු පාරට ඇදගෙන වැටුනේ මේ දේවල් නිසා, "කෝප් එකට උත්තර බඳින්න ඕන අය, කලින් ආණ්ඩුවල කෝප් එකේ තනතුරුවල වාඩිවෙලා හිටියා. දැන් හාල්මැස්සෝ නෙවෙයි, තෝරු මෝරු අහුවෙනවා. ඒකට අදාළ වැඩපිළිවෙල ඉතා සාර්ථකව අපි කරගෙන යනවා" 

 මෙම ප්‍රකාශයෙන් ඔහු රජයේ දූෂණයට එරෙහි සටනේ දැඩි බවත්, පසුගිය ආණ්ඩුවල මූල්‍යමය අක්‍රමිකතාවලට වගකිව යුතු පුද්ගලයින් දැන් හඳුනාගෙන ඊට එරෙහිව කටයුතු කරමින් සිටින බවත් ඉඟි කළේය.

"මෝඩයන්ගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න මම බැඳිලා නැහැ" - ඇමති බිමල්ට මල පනී

"මෝඩයන්ගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න මම බැඳිලා නැහැ" - ඇමති බිමල්ට මල පනී

නියෝජ්‍ය ඇමැති වටගල නාමල්ගෙන් බිලියන 2ක වන්දියක් ඉල්ලයි

නියෝජ්‍ය ඇමැති වටගල නාමල්ගෙන් බිලියන 2ක වන්දියක් ඉල්ලයි