වසන්ත, මහින්ද සහ රන්ජන් අත්අඩංගුවට ගැනීමට කළ ඉල්ලීම ඉවතට

Report

නැෂනල් වර්ක්ස් ඉන්ස්ටිටියුට් (National Institute of Workers) සතු දෙමහල් ගොඩනැඟිල්ලක් සහිත ඉඩමක් 2020 වසරේදී ව්‍යාජ බදු ඔප්පුවක් සකසා රුපියල් ලක්ෂ 36කට බදු දී වංචාවක් සිදුකළ බවට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් මහත්වරුන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධ නඩුව අද (26) යළි කැඳවූ අවස්ථාවේදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලීමක් සිදු කළේය.

ගෑස් මිල 7,500 දක්වා ඉහළට! කෝප් කමිටුවේදී දැවැන්ත දූෂණ හෙළිදරව් වෙයි

ගෑස් මිල 7,500 දක්වා ඉහළට! කෝප් කමිටුවේදී දැවැන්ත දූෂණ හෙළිදරව් වෙයි

නමුත්, එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ප්‍රකාශ කළේ, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි විමර්ශනවලදී අනාවරණ වී නොමැති බවයි.

මෙම නඩුව නැවතත් 2026 පෙබරවාරි 27 වැනිදා කැඳවීමට නියමිත අතර, මෙය වංචා විමර්ශන කාර්යාංශය විසින් නීතිපතිවරයාගේ උපදෙස් සඳහා 2025 පෙබරවාරි 19 වැනිදා යොමු කර ඇති ගොනුවක කොටසකි.

මෙම චෝදනාවලට අදාළව, සැකකරුවන්ගෙන් සමහරෙකුගේ ප්‍රකාශ 2025 අගෝස්තු මාසයේදී විමර්ශන කාර්යාංශයට ලබාදී ඇති බව වාර්තා වේ. 

සජිත් හෝදලාම දෙයි.. වත්කම් බැරකම් ටික මෙන්න. පැමිණිල්ල අසත්‍යයි..

සජිත් හෝදලාම දෙයි.. වත්කම් බැරකම් ටික මෙන්න. පැමිණිල්ල අසත්‍යයි..

හැම මිනිහම කරේ බලයට ඇවිත් තමුන්ගේ මිනිහව ආරක්ෂා කරපු එක මේ ආණ්ඩුවත් ඒකම කරනවා - මුජිබර් රහුමාන්

හැම මිනිහම කරේ බලයට ඇවිත් තමුන්ගේ මිනිහව ආරක්ෂා කරපු එක මේ ආණ්ඩුවත් ඒකම කරනවා - මුජිබර් රහුමාන්