ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයකු අධිවේගයේදී කළ කැත වැඩේ..?
රියදුරු බලපත‍්‍රයක් ලබාගෙන පරික්ෂා කළ පොලිස් නිලධාරියකුට ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයකු බව කියන පුද්ගලයකු බැණවදින වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාල තුළ හුවමාරු වෙමින් පවතිනවා. එහිදී ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයකු යැයි කියන මෙම පුද්ගලයා පොලිස් නිලධාරියාට බැණවදිමින් දුරකථනයෙන් අදාළ සිදුවීම සම්බන්ධව තවත් අය දැනුවත් කරන ආකාරයක්ද එම වීඩියෝ වල දැක්වෙනවා.
එම අවස්ථාවේ ලේකම්වරයාගේ බිරිඳ ද පොලිස් නිලධාරියාට බැණ වැදීමට කටයුතු කරන අයුරු ද දැක්වෙනවා. මාතර, අපරැක්ක පිවිසුමෙන් දක්‍ෂිණ අධිවේගී මාර්ගයට පිවිස අතුරුගිරිය දක්වා පැමිණීමේ අපේක්‍ෂාවෙන් කැබ් රථයක පැමිණෙන, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයකු යැයි හඳුන්වා ගත් මෙම පුද්ගලයාගේ රියදුරු බලපත‍්‍රය පරීක්‍ෂා කිරීමට එහි රාජකාරියේ නිරත පොලිස් නිලධාරියකු කි‍්‍රයාකිරීමත් සමඟ මෙම සිද්ධිය සිදුවී තිබුණා.
මෙහිදී අදාළ පුද්ගලයා විසින් ඒ පිළිබඳව උසස් පොලිස් නිලධාරීන්ව දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. නිසියාකාරව රාජකාරිය කළ අදාළ නිලධාරියා හට වහාම කි‍්‍රයාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබාදීමට කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් පසුව පොලිස් කොස්තාපල් රුවන් (40538) යන නිලධාරියාට පොලිස් දෙපාර්තමේන්තුවේ මානව සම්පත් කළමනාකරණ සහ ජාත්‍යන්තර සබඳතා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අත්සනින් යුක්තව ස්ථාන මාරු කිරීමේ ලිපියක් ලැබී තිබෙන බව වාර්තා වනවා.
මේ සම්බන්ධව අප මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ‍්‍රාමික මේජර් ජනරාල් ජගත් අල්විස් මහතාගෙන් කළ විමසීමකදී කියා සිටියේ අදාළ ස්ථාන මාරුව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට පොලිස්පතිවරයාට උපදෙස් දී ඇති බවයි. කෙසේ වෙතත්, මහජන ආරක්‍ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ උපදෙස් පරිදි අදාළ පොලිස් නිලධාරියාට ලබාදුන් ස්ථාන මාරුව පසුව අවලංගු කර ඇති බව ද එම අමාත්‍යාංශ ආරංචි මාර්ග ප‍්‍රකාශ කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
