ආසන පටි නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර

Report

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසන්නේ, ආසන පටි නීතිය ඉදිරියේදී දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි.

ගාල්ල දිස්ත්‍රික් ප්‍රවාහන කමිටුවට සහභාගී වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ආසන පටි නීතිය අනුගමනය නොකරන බස්රථවල බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බවයි. 

සුනාමියෙන් ඉන්දියානු සාගරයට මොකද වෙන්නේ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රටටම දැනුම් දීමක්

සුනාමියෙන් ඉන්දියානු සාගරයට මොකද වෙන්නේ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රටටම දැනුම් දීමක්

"වසරකට 2,350ක් මිය යනවා. තවත් 6,000කට ආසන්න පිරිසක් මාරාන්තික තුවාල ලබනවා. ඒ නිසා 2025 සහ 2026 සඳහා ප්‍රවාහන අමාත්‍යංශය විසින් මාර්ග ආරක්ෂණ සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා. එහිදී ආසන පටි භාවිතය අනිවාර්ය කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක කරනවා.

2011 සිට මෙම නීතිය ක්‍රියාත්මකව තිබුණත්, බොහෝ දෙනෙක් එය පිළිපදින්නේ නැහැ. විශේෂයෙන් අධිවේගී මාර්ගවල ගමන් කරන බස්රථවල ආසන පටි භාවිතය අඩුයි.

තවත් බිහිසුණු අනතුරක්,රථය අඩි 100ක ප්‍රපාතයට වැටිලා සිව්දෙනෙකුට බරපතළයි

තවත් බිහිසුණු අනතුරක්,රථය අඩි 100ක ප්‍රපාතයට වැටිලා සිව්දෙනෙකුට බරපතළයි

මේ නිසා වාර්ෂිකව මිය යන 2,300ක ප්‍රමාණය 2,000ට අඩු කිරීමේ හැකියාව තිබෙනවා. ඒ සඳහා සැප්තැම්බර් 30 වන විට සියලුම අධිවේගී මාර්ගවල ආසන පටි භාවිතය අනිවාර්ය කරනවා. බොහෝ බස්රථවල ආසන පටි පවතිනවා. එම නීතිය දැඩිව ක්‍රියාත්මක කර, එය පිළිපදින්නේ නැති බස්රථ තහනම් කිරීමට හෝ බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නවා."

වැඩිහිටි දීමනාව එනකල් බලන් හිටපු අයට අද සුබ ආරංචියක්

වැඩිහිටි දීමනාව එනකල් බලන් හිටපු අයට අද සුබ ආරංචියක්