සිදී ගොස් ඇති ජලාශ වල මැණික් ගරන්න හදන රජයේ අලුත්ම සැලැස්ම මෙන්න.- ජනතාවටත් වාසි ලූ..

Sri Lanka Economic Crisis Sri Lanka Government Of Sri Lanka
By Wayomi Aug 30, 2023 11:36 AM GMT
Wayomi

Wayomi

Report

නියගයෙන් ජලය සිදී ගොස් ඇති ජලාශ කිහිපයක මැණික් ගැරීමට රජය සූදානම් වෙනවා.

ඒ, අනුව ඊට සුදුසු වැඩපිළිවෙළක් සකස් කර සතියක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව දැනුම් දී තිබෙනවා.

එලෙස දැනුම් දී ඇත්තේ, මහවැලි අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, විදුබල මණ්ඩලය, මධ්‍යම පරිසර අධිකාරිය, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණායතනය හා දිස්ත්‍රික් ලේකම්වරුන්ටයි.

මෙහිදී සමනලවැව, ඉහළ කොත්මලේ, නෝටන් බ්‍රිජ් ජලාශයන්හි මැණික් ගැරීම සඳහා අවසර දීමට තීරණය කර ඇත.

එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පවසන්නේ, එම ජලාශ වල ඩොලර් මිලියන ගණනක මැණික් ඇතැයි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය දැනටමත් ඇස්තමේන්තු කර ඇති බවයි.

එමෙන්ම මෙම මැණික් ගැරීමේදී ජලාශවල සොරොවුව, වැව් බැම්ම, විදුලි නිෂ්පාදන සඳහා ජලය මුදා හැරීම ස්ථානවලට කිසිදු හානියක් ඇති නොවන පරිදි පරිසරයට හානියක් නොවන පරිදි වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව ද කමිටුව නිර්දේශ කර ඇත.

මේ අතර ජලාශ අවට ගම්මානවල ජීවත්වන ආර්ථික පීඩනයෙන් පෙළෙන පුද්ගලයන්ට ද ආදායම බෙදීයන ආකාරය වැඩපිළිවෙල සකස් කරන්නැයි උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ.

ReeCha