මින් පසු යාපනයේ වැසියන්ට බීමට මුහුදු ජලය.

Jaffna Sri Lanka Water Board
By Wayomi Aug 24, 2023 05:10 PM GMT
Wayomi

Wayomi

Report

යාපනයේ වැසියන්ට මුහුදු ජලය පිරිපහදු කිරීමේ නව ව්‍යාපෘතියක් යාපනයේ වඩමරච්චි තාලයඩි ප්‍රදේශයේ ආරම්භ කර තිබෙනවා.

ඒ, අනුව මුහුදු ජලය ඉතා පිරිසිදු මිරිදිය බවට පත්කෙරෙන අතර එම ව්‍යාපෘතියෙන් යාපනයේ පවුල් 70000 කට පිරිසිදු පානීය ජලය ලබා දීමට හැකි වෙතැයි ගණන් බලා ඇත.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබනවා.

ඊට වැය කෙරෙන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 400 ක් වන අතර ලබන වසරේ මුල්කාර්තුව ඇතුළතදී තාලයඩි ප්‍රදේශයේ නව ව්‍යාපෘතිය තුළින් යාපනයේ වැසියන්ට පිරිසිදු පානීය ජලය සපයා දීමට බලාපොරොත්තු වෙයි.    

ReeCha