තවත් භයානක හෙළිදරව්වක් - දිවයිනේ පාසල්වල තත්ත්වය සමඟ රෝගය උත්සන්න වේ
මේ වසරේ මුල් මාස 6 තුළ සිදුකළ ක්ෂේත්‍ර පරීක්ෂාවලදී ඩෙංගු වාහක මදුරු කීටයන් බෝවන ස්ථාන වැඩිම සංඛ්‍යාවක් පාසල් පරිශ්‍රවලින් හමුවී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය අනාවරණය කරයි.
ජනවාරි මාසයේ සිට ජුනි මාසය දක්වා කාලය තුළ දිවයින පුරා පරිශ්‍ර 250,477ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, ඉන් පිරික්සූ පාසල් පරිශ්‍ර අතුරින් 42.5%කම ඩෙංගු මදුරු කීටයන් සොයාගෙන තිබේ.
ඩෙංගු ව්‍යාප්තියේ මෙම බරපතළ තත්ත්වය අනෙකුත් ආයතන තුළ ද දක්නට ලැබෙන අතර, පරීක්ෂා කළ කර්මාන්තශාලා අතරින් 38.4%කත්, රාජ්‍ය ආයතනවලින් 28.1%කත්, ආගමික ස්ථානවලින් 25.9%කත් සහ නිවාස පරිශ්‍රවලින් 9.2%කත් මදුරු කීටයන් වාර්තා වී ඇත.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්තවලට අනුව ඊයේ (17) වන විට මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 74,478ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් ජුලි මාසයේ ගෙවුණු දින 17 තුළ පමණක් රෝගීන් 19,100ක් වාර්තා වී තිබීම විශේෂත්වයකි.
මත්පැන් ස්ටිකර් වංචාවෙන් අහිමි වන බදු ආදායම සුව සැරිය වැනි සේවාවන් 8කට සමානයි - ආචාර්ය හර්ෂ ද සිල්වා
දැනටමත් වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, ඉන් රෝගීන් 15,596ක්ම වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. මේ අතර ගතවූ පැය 24 තුළ මෙරටින් තවත් ඩෙංගු මරණ 3ක් වාර්තා වීමත් සමඟ මේ වසරේ සිදුවූ සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 53 දක්වා ඉහළ ගොස් ඇති බැවින්, අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට ජනතාව උපරිමයෙන් දායක විය යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.