මත්පැන් ස්ටිකර් වංචාවෙන් අහිමි වන බදු ආදායම සුව සැරිය වැනි සේවාවන් 8කට සමානයි - ආචාර්ය හර්ෂ ද සිල්වා

Report

ව්‍යාජ සුරාබදු ස්ටිකර් වංචාවෙන් අහිමි වන බදු ආදායම සුවසැරිය වැය මෙන් අට ගුණයකටත් වැඩියි: ආචාර්ය හර්ෂ ද සිල්වා මත්පැන් බෝතල්වල ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර් ඇලවීමේ මහා පරිමාණ ජාවාරම හේතුවෙන් රජයට අහිමි වන සමස්ත බදු ආදායම, සුව සැරිය ගිලන්රථ සේවාව වෙනුවෙන් රජය වසරකට වැය කරන මුදල මෙන් අට ගුණයකටත් වඩා වැඩි බව පාර්ලිමේන්තු රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

දැනට පවතින ක්‍රමවේදය යටතේ සාමාන්‍ය මුද්‍රිත ස්ටිකරයක් වෙනුවෙන් වැය කරන මුදල හා සමානම මුදලක් නව ඩිජිටල් ස්ටිකරයක් වෙනුවෙන් ද රජයට වැය කිරීමට සිදුව ඇති බව ඔහු පෙන්වා දෙයි.

සාමාන්‍යයෙන් මත්පැන් බෝතලයක මිලෙන් වැඩි ප්‍රතිශතයක් රජයට බදු මුදල් ලෙස එකතු විය යුතු වුවද, මෙම  ස්ටිකර් වංචාව නිසා එම සමස්ත මුදලම සෘජුවම ජාවාරම්කරුවන් අතට පත්වන බව හෙතෙම සඳහන් කළේය.

සුරාබදු දෙපාර්තමේන්තුවේ බදු එකතු කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා අවම වශයෙන් මූලික පරිගණක පද්ධතියක්  හෝ ස්ථාපිත කිරීමට එම දෙපාර්තමේන්තුව මෙතෙක් අපොහොසත් වී ඇති බව ද සභාපතිවරයා මෙහිදී දැඩි ලෙස විවේචනය කළේය.

විශේෂ නව නීතියක් - මෙහෙම නැත්නම් ආයේ සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කිරීම සම්පූර්ණයෙන් තහනම්

විශේෂ නව නීතියක් - මෙහෙම නැත්නම් ආයේ සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කිරීම සම්පූර්ණයෙන් තහනම්

ගුවන්තොටුපොළේ ගුවන් ගමන් තාවකාලිකව නවතී - ගුවන් වාර සහ වෙලාවන් වෙනස් වේ

ගුවන්තොටුපොළේ ගුවන් ගමන් තාවකාලිකව නවතී - ගුවන් වාර සහ වෙලාවන් වෙනස් වේ