විශේෂ රජයේ නිවාඩුවක් ලෙස හෙට පලාත් 02කට අයත් පාසල් සඳහා නිවාඩු දෙයි..එම ප්‍රදේශ මෙන්න..

Report

ආපදා තත්ත්වයන් හේතුවෙන් බස්නාහිර පළාතේ පාසල් 36ක් හෙට (07) දිනයේ ද වසා තබන බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් දැනුම්දී තිබෙනවා.

ඒ, හෝමාගම, ශ්‍රී ජයවර්ධනපුර, කළුතර, හොරණ, මීගමුව, අධ්‍යාපන කලාපවල පාසල් 36ක් බවයි දන්වා ඇත්තේ.

මේ අතර, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවිතිගල කලාපයේ ඇලපාත හා අයගම කොට්ඨාසවලට අයත් සියලුම පාසල් හෙට දිනයේ වසා තැබෙන බව නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දී තිබෙනවා.

රජයේ පාසල්වලට දෙනු ලබන විශේෂ නිවාඩුවක් ලෙස සලකා මෙම නිවාඩුව ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඉදිරියේදී ඇතිවන කාලගුණ තත්ත්වය මත පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණ ලබාදීම සඳහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත බලය පවරනු ලබන බවද දන්වා තිබේ.

කෙසේ වෙතත් සෙසු සියලුම කලාප සහ කොට්ඨාසවල සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වීමට තීරණය කර ඇති බව, සබරගමුව පළාත් සභාව දැනුම් දී ඇත.