ගුරු විදුහල්පති වැටුප සම්බන්ධයෙන් රජය දුන් අලුත්ම තීරණය මෙන්න.
කොවිඩ් වසංගත තත්ත්වය තුළ රජයේ සියලු ආදායම් විශාල වශයෙන් අහිමි වී ඇති මොහොතක ගුරු - විදුහල්පති වැටුප් අර්බුදය සඳහා දැනට ලබාදී ඇති විසඳුමට වඩා වැඩි සහනයක් ලබාදිය නොහැකි බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ අද (18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි අමාත්‍යවරයා ගුරු - විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටියේ දැනට ලබාදී ඇති විසඳුම පිළිගෙන එළඹෙන 21 වනදා පාසල් වෙත පැමිණිමට කාරුණික වන ලෙසය.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා, "අපේ රටේ පාසල් දීර්ඝ කාලයකට පසු විවෘත වනවා මේ සතියේ 21 වන බ්‍රහස්පතින්දා.
විදුහල්පතිවරුන්ගේ හා ගුරුවරුන්ගේ වැටුප් ප්‍රශ්නයේ දී අපි කවුරුත් පිළිගත්තා වැටුප් ප්‍රමාණවත් නෑ, ඒ සම්බන්ධයෙන් වැටුප් වර්ධනයක්, වෙනසක් වියයුතුයි කියලා.
ඉතින් මේ ප්‍රශ්නය විසඳීමට අපේ රජය උපරිම උත්සහය ගත්තා.
හැබැයි මුළු රට ම දන්නවා ආර්ථික වශයෙන් කවදාවත් නොතිබුණ දුෂ්කරතා මධ්‍යයේ රජයට තිබෙන ආදායම් මාර්ග සම්පූර්ණයෙන් හිඳිලා වගේ තිබෙන අතිශ්‍යයින් අසීරු තත්ත්වය තුළ උපරිම සහනය අපේ රජය ලබාදුන්නා.
මමත් ගුරුවරයෙක් පුළුවන් නම් තව දෙන්න අපි කැමතියි.
හැබැයි අද පවතින තත්ත්වය තුළ මෙයින් එහාට යන්න බැරි බව මම හිතන්නේ අපේ රටේ හැමෝම දන්නවා.
මේක තමයි ලබාදෙන්න පුළුවන් උපරිමය අදියර කිහිපයකින්.
ඒ නිසා අපි ඉතාමත් ඕනෑකමින් කරුණාවෙන් අපි ඉල්ලා සිටිනවා සියලුම විදුහල්පතිවරුන්ගෙන් ගුරුවරුන්ගෙන් තව තව මේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාවැටීමට ඉඩනොදී මේ විසඳුම පිළිඅරගෙන 21 වනදා අපේ පාසල් විවෘත වන විට කරුණාකරලා පාසල්වලට පැමිණිලා මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට කටයුතු කරන්නැයි යන ආයාචනය අපි ඉතාමත් නිහතමානිව කරනවා."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
