21 පාසල් නොයන ගුරුවරුන්ට වෙන දේ මෙන්න..

School teachers
By Aruna Oct 20, 2021 03:14 AM GMT
Aruna

Aruna

Report

පාසල් නොපැමිණෙන වයඹ පළාතේ ගුරුවරු සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙසට පළාත් කලාප අධ්‍යක්ෂවරුන්ට දැනුම් දුන් බව පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ පවසනවා.

ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු කියා සිටියේ, පාසල් නොපැමිණෙන වයඹ පළාතේ ගුරුවරුන්ගේ නොවැම්බර් මාසයේ වැටුප සම්බන්ධයෙන්ද තීරණයක් ගැනීමට සිදු වන බවයි.

මේ අතර, ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් කියා සිටියේ, හෙට සහ අනිද්දා දෙදින පාසල් වෙත පැමිණීමෙන් වැළකී සිටින බවයි.

හෙට දිනයේදී සිසුන් 200ට අඩු පාසල් ආරම්භ වන අතර, ඇතැම් වර්ජනයේ නිරත වෘත්තිය සමිති මේ වනවිටත් එදිනට පාසල් පැමිණෙන බව ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය හෙට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වෘත්තිය ක්‍රියාමාර්ගය නවතා තම දරුවන්ගේ අධ්‍යාපනයට සහාය වන ලෙස ඉල්ලමින් දෙමව්පියන් පිරිසක් ඊයේ අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයේ මහනුවර අලවතුගොඩ පිහිටි ප්‍රධාන කාර්යාලය වෙත පැමිණ සන්දේශයක්ද භාරදෙනු ලැබුවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha