ප්‍රධාන පාසලක සිසුවෙක් උඩපන්දුවක් අල්ලන්න ගොස් බිත්තියක වැදී මියයයි.
By Aruna
කොටගල ප්‍රදේශයේ පාසලක සෙල්ලම් කරමින් සිටි සිසුවෙකු උඩ පන්දුවක් රැකීමට ගොස් පාසල් ගොඩනැගිල්ලක බිත්තයක හැපී මියගොස් තිබෙන බව වාර්තා වනවා.
මෙම සිසුවා කොටගල ප්‍රදේශයේ පදිංචි පාසලේ 13 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක් බවයි පැවසෙන්නේ.
මෙම අවාසනාවන්ත අනතුර සිදුව තිබෙන්නේ, පාසලේ ළමයින් සමග ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටියදී උඩ පන්දුවක් රැකීමට ගොස් ලිස්සා යාමෙන්.
එහිදී බරපතල තුවාල ලැබූ සිසුවා දික්ඔය මුලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවූ අතර එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත.