පාසල් ආරම්භ කිරීමට අදාළව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කෙරේ..
ලබන 08 වැනිදා පාසල් ආරම්භ කිරීමට අදාළව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
ඒ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතාගේ අත්සනින් යුතුවයි. නිකුත් කළ නිවේදනයට අනුව 10,11,12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යන කටයුතු ලබන 08 වනදා ආරම්භ වනු ඇති.
එම ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු සඳහා සියලු අධ්‍යන කාර්ය මණ්ඩල, සේවයට කැඳවිය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ.
මීට අමතරව ලබන 08 වනදා සිට සියලු අනධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයින් ද, සේවයට කැඳවිය යුතු බව, නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් වනවා.
කෙසේ වෙතත්, ගැබිණි හෝ වයස අවුරුදු 01 ට අඩු දරුවන් සිටින කාර්ය මණ්ඩල සාමාජිකයින් සේවයට කැඳවීම අවශ්‍ය නොවන අතර, වෙනත් රෝගාබාධවලින් පෙළෙන නිලධාරීන් සේවයට කැඳවීම අත්‍යවශ්‍ය අවස්ථාවලදී පමණක් කළ යුතු බවයි එහි දැක්වෙන්නේ.
ඒ, අදාළ කරුණ පිළිබඳව සනාථ කෙරෙන ලේඛන සහිත ඉල්ලීම් ලිපියක් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කර, අනුමැතිය ලබා ගැනීමෙන් පමණයි.
පාසල් ආරම්භ කළ මුල් කාලය තුළ සිසු සිසුවියන් සඳහා පාසල් නිළ ඇඳු අනිවාර්යය නොවන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ.
ඒ අනුව, සුදුසු ඇඳුමකින් පාසල් පැමිණීමට සිසුන්ට අවස්ථාව සලසා දෙන ලෙසද අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
