6,7,8,9 ශ්‍රේණි සඳහා පාසල් විවෘත වන දිනය දැනුම් දෙයි.

Sri Lanka Education School opening
By Aruna Nov 16, 2021 05:46 AM GMT
Aruna

Aruna

Report

6,7,8 සහ 9 ශ්‍රේණි ලබන සඳුදා (22) සිට යළි ආරම්භ කෙරෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා.

කොවිඩ් වසංගත තත්ත්වය නිසා පාසල් වසා ට්සතැබීමෙන් පසුව යි මෙම ශ්‍රේණි සඳහා නැවත පාසල් ආරම්භ වන්නේ.

මේ අතර ඉකුත් සති දෙකක කාලය තුළදී ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් 64 දෙනෙකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය එරංග හෙට්ටිආරච්චි පවසයි.

පසුගිය ඔක්තෝබර් 31 වැනිදා සිට නොවැම්බර් 14 වැනි දින දක්වා කාලය තුළදී එම දිස්ත්‍රික්කයේ පාසල් 28ක පාසල් දරුවන් 64 දෙනෙකුට මෙලෙස කොවිඩ් වයිරසය ආසාදනය වී තිබේ.

ඒ අනුව ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් පාසල් දරුවන් 16 දෙනෙකුට, යක්කලමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ 5 දෙනෙකුට ආදි වශයෙන් කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවද හෙතෙම පවසයි.

මෙම ආසාදිත දරුවන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සමග නිවෙස්වල නිරෝධායනය කිරීමට කටයුතු කර ඇති බවද වෛද්‍යවරයා සඳහන් කළේය.

මේ අතර හල්දුම්මුල්ල කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයට අයත් සොරගුණේ මහා විදුහලේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකුට කොවිඩ් ආසාදිත බවට තහවුරු වීමත් සමග එම ශ්‍රේණිය ඊයේ (15 වැනිදා) සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

මේ හේතුවෙන් එම ශ්‍රේණියේ සිසුන් සහ ගුරුවරුන් හල්දුම්මුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී ඊයේ (15 වැනිදා) දිනයේදී ඇන්ටිජන් පරීක්ෂාවකට ලක් කළ බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඊට අමතරව හල්දුම්මුල්ල කොස්ලන්ද මකල්දෙණිය වත්තේ වයස අවුරුදු එකයි මාස එකක් වයසැති කුඩා දරුවකුට කොවිඩ් ආසාදිතව පසුගිය 14 වැනිදා ජීවිතක්ෂයට පත් වූ බව හල්දුම්මුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ප්‍රකාශ කළේය.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොස්ලන්ද මකල්දෙණිය වත්තේ පදිංචිව සිටි නගුලේෂ්වරන් පස්වාන් නමැති කුඩා දරුවෙකි.

මෙම දරුවා නිවසේ දී ජීවිතක්ෂයට පත්ව ඇති අතර දියතලාව රෝහලේදී එම මළ සිරුර සම්බන්ධයෙන් කළ පී.සී.ආර්. පරීක්ෂාවේදී කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබේ.

 

ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha