ලංකාවේ පාසල් 3144කට වුණු දේ

Ministry of Education Government Of Sri Lanka School Children schools Sinhala news
By Mithu Apr 22, 2025 12:22 AM GMT
Mithu

Mithu

Report

 දිව­යිනේ සමස්ත පාසල් සංඛ්‍යා­වෙන් තුනෙන් එක­කට ආසන්න සංඛ්‍යා­වක(31%) සිසුන් ඉගෙ­නුම ලබන්නේ 100කට අඩු සංඛ්‍යා­වක් බව හෙළිව තිබේ.

දිව­යිනේ සමස්ත රාජ්‍ය පාසල් සංඛ්‍යාව 10,096ක් වන අතර, එයින් සිසුන් 1ත් 50ත් අතර සංඛ්‍යා­වක් ඉගෙ­නුම ලබන පාසල් 1506ක් ඇති බවත්, සිසුන් 51ත් 100ත් අතර පිරි­සක් අධ්‍යා­ප­නය ලබන පාසල් 1,638ක් තිබෙන බවත් හෙළිව තිබේ.

පෝලිම් පිටින් දළදා වන්දවන්න මම නෝනාවත් අරන් යන්නෑ - ලාල් කාන්ත

පෝලිම් පිටින් දළදා වන්දවන්න මම නෝනාවත් අරන් යන්නෑ - ලාල් කාන්ත

ඒ අනුව සිසුන් 100ට අඩු­වෙන් ඉගෙ­නුම ලබන සමස්ත පාසල් සංඛ්‍යාව 3,144ක් වන අතර එය මෙරට සමස්ත පාසල් සංඛ්‍යාව වන 10,096න් තුනෙන් එකක් පමණ වේ.

සිසුන් 100කට අඩු පාස­ල්වල අධ්‍යා­පන කට­යුතු සිදු කිරීම මෙන්ම සිසුන් ඉගෙන ගැනී­මේද විශාල ගැටලු මතුව ඇති අතර එවන් පාසල් කෙරෙහි අදාළ කලාප කාර්යා­ල­ව­ලද අව­ධා­නය ඉතා අඩු බව හෙළිව තිබේ. මේ තත්ත්ව­යට ප්‍රධාන හේතුව වී ඇත්තේ දශක ගණ­නා­වක් තිස්සේ ග්‍රාමීය පාසල් කෙරෙහි නිසි අව­ධා­න­යක් යොමු නොකි­රීම බවද තහ­වුරු වී තිබේ. බොහෝ දේශ­පා­ල­න­ඥ­යන් විසින්ද ග්‍රාමීය පාසල් නොස­ලකා හැර, නාග­රික පාසල් හා ජන­ප්‍රිය පාසල් සංක­ල්ප­යක් හරහා කට­යුතු කිරී­මද මේ තත්ත්වය වැඩි වීමට බලපා ඇත.

මීළඟ පාප් වහන්සේ මැල්කම් රංජිත් හිමිපාණනන්?

මීළඟ පාප් වහන්සේ මැල්කම් රංජිත් හිමිපාණනන්?

ReeCha