ලංකාවේ පාසල් 3144කට වුණු දේ
දිවයිනේ සමස්ත පාසල් සංඛ්‍යාවෙන් තුනෙන් එකකට ආසන්න සංඛ්‍යාවක(31%) සිසුන් ඉගෙනුම ලබන්නේ 100කට අඩු සංඛ්‍යාවක් බව හෙළිව තිබේ.
දිවයිනේ සමස්ත රාජ්‍ය පාසල් සංඛ්‍යාව 10,096ක් වන අතර, එයින් සිසුන් 1ත් 50ත් අතර සංඛ්‍යාවක් ඉගෙනුම ලබන පාසල් 1506ක් ඇති බවත්, සිසුන් 51ත් 100ත් අතර පිරිසක් අධ්‍යාපනය ලබන පාසල් 1,638ක් තිබෙන බවත් හෙළිව තිබේ.
ඒ අනුව සිසුන් 100ට අඩුවෙන් ඉගෙනුම ලබන සමස්ත පාසල් සංඛ්‍යාව 3,144ක් වන අතර එය මෙරට සමස්ත පාසල් සංඛ්‍යාව වන 10,096න් තුනෙන් එකක් පමණ වේ.
සිසුන් 100කට අඩු පාසල්වල අධ්‍යාපන කටයුතු සිදු කිරීම මෙන්ම සිසුන් ඉගෙන ගැනීමේද විශාල ගැටලු මතුව ඇති අතර එවන් පාසල් කෙරෙහි අදාළ කලාප කාර්යාලවලද අවධානය ඉතා අඩු බව හෙළිව තිබේ. මේ තත්ත්වයට ප්‍රධාන හේතුව වී ඇත්තේ දශක ගණනාවක් තිස්සේ ග්‍රාමීය පාසල් කෙරෙහි නිසි අවධානයක් යොමු නොකිරීම බවද තහවුරු වී තිබේ. බොහෝ දේශපාලනඥයන් විසින්ද ග්‍රාමීය පාසල් නොසලකා හැර, නාගරික පාසල් හා ජනප්‍රිය පාසල් සංකල්පයක් හරහා කටයුතු කිරීමද මේ තත්ත්වය වැඩි වීමට බලපා ඇත.
