විදෙස් රටවල සිටින ලාංකිකයින් ලක්ෂ 15කට රතු එළියක්..කල් තියා අනතුරු අඟවයි.

Report

ඊශ්‍රායලය සහ ඉරානය අතර ගැටුම් තවදුරටත් වර්ධනය වුවහොත් මැදපෙරදිග සහ ගල්ෆ් කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 15 කගේ ජීවිත සහ රැකියා පිළිබඳ අවධානමක් මතුවිය හැකි බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ දෙරට අතර ඇතිවෙන ගැටුම්වලින් සෘජුවම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බලපෑමක් ඇතිවෙන බවයි.

අද මේ ලග්න වල අය අනිවාර්යෙන්ම දැඩි ඉවසිල්ලෙන් වැඩ කරන්න..එම ලග්න මෙන්න.

අද මේ ලග්න වල අය අනිවාර්යෙන්ම දැඩි ඉවසිල්ලෙන් වැඩ කරන්න..එම ලග්න මෙන්න.


එමෙන්ම හෙතෙම කියා සිටියේ, යම් හෙයකින් ඊශ්‍රායලය විසින් ඉරානයේ තෙල් ගබඩා කර ඇති ස්ථාන සහ නිෂ්පාදනය කරන ස්ථානවලට ප්‍රහාරයක් එල්ල කළහොත් එම තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිල ගණන් ද ඉහළ යා හැකි බවයි.

ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට ඕනෑම අවස්ථාවක ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලය සූදානමින් සිටින බවත් මේ වනවිට එරට ආරක්ෂ අංශයේ සියලුම නිවාඩු අවලංගු කිරීමට ද තීරණයක් ගෙන ඇති බවත් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියා.