පාසලක ශිෂ්‍යාවන් 29 දෙනෙකුට ගුරුවරයෙක් කරපු අපරාධය මාට්ටු වෙයි.

Sri Lanka Police Ministry of Education Department of Prisons Sri Lanka Sri Lankan Schools Education
By Aruna Jul 31, 2023 11:44 PM GMT
Aruna

Aruna

Report

2019 වසරේ මඩකලපුව එරාවුර් ප්‍රදේශයේ කාන්තා පාසලක 7වන ශ්‍රේණියේ ශිෂ්‍යාවන් 29 දෙනෙකුට ලිංගික අතවර සිදුකළ බවට චෝදනා එල්ලවූ ගුරුවරයෙකු ලබන මස දෙවෙනිදා(02) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මඩකලපුව අතිරේක මහෙස්ත්‍රාත් එස්.අන්වර් මහතා ඊයේ (31) නියෝග කළා.

මේ වනවිට විශ්‍රාම ගොස් සිටින 61 හැවිරිදි සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමේදී, ඔහු වෙනුවෙන් කිසිදු නීතිඥවරයෙකු ඉදිරිපත්ව නොමැති බවයි වාර්තා වන්නේ.

මින් පෙර ශිෂ්‍යාවන් සිව්දෙනෙකු සිදුකළ පැමිණිලි මත අදාළ ගුරුවරයා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලද අවස්ථාවේ, චෝදනා ඔප්පු නොවීම හේතුවෙන් නිදහස හිමිව තිබුණා.

අදාල ගුරුවරයා, ශිෂ්‍යාවන් 29කට ලිංගික අතවර සිදුකර ඇති බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් සිදුකළ විමර්ශනයකදී අනාවරණ වී ඇත .

ReeCha