කෙහෙළිය නිසා ඇස් අන්ධ වෙලා ආබාධිත වෙලා මැරුණ අයට මාලිමා රජයෙනුත් අඩු සැළකිලිද?

Sri Lanka Police Keheliya Rambukwella Ministry of Health Sri Lanka Latest Headlines Sinhala news
By Ashfa Jul 28, 2025 08:03 AM GMT
Ashfa

Ashfa

Report

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්කැල්ල මහතාගේ පාලන කාලයේ ආනයනය කරන ලද ගුණාත්මකත්වයෙන් පහත ඖෂධ හේතුවෙන් දෘශ්ටි ආබාධ සහ අනෙකුත් සෞඛ්‍ය හානි වලට ලක්වූ රෝගීන්ට වර්තමාන රජය කිසිඳු තෘප්තිමත් සහන ක්‍රමයකි නොමැති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

වේලුපිල්ලේ ප්‍රභාකරන් මියගියාද? නැද්ද? අගෝස්තු 2 ස්විට්සර්ලන්තයේ වෙන්න යනදේ

වේලුපිල්ලේ ප්‍රභාකරන් මියගියාද? නැද්ද? අගෝස්තු 2 ස්විට්සර්ලන්තයේ වෙන්න යනදේ

ඒ මහතා මෙම අදහස් පළ කළේ, අදාළ ආබාධිත රෝගීන්ට සහන ලබාදීමේ අසමත්භාවය විරෝධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වූ මහජන සත්‍යග්‍රහයකදීය.

ධනුෂ්ක ගුණතිලකගේ ආදරවන්තියද මේ - මාරම ලස්සන කෙල්ලෙක්

ධනුෂ්ක ගුණතිලකගේ ආදරවන්තියද මේ - මාරම ලස්සන කෙල්ලෙක්

වර්තමාන රජය බලයට පත්වීමෙන් පසුව තෝරාගත් රෝගීන් පිරිසකට පමණක් විශේෂ සහනාධාර ලබාදීම සඳහා කැබිනට් අනුමැතියක් ලබා, හිටපු අමාත්‍ය රමිෂ් පතිරණ මහතාගේ උපදෙස් මත ගෙවීම් කිහිපයක් සිදු කළද, බහුතර ආබාධිත රෝගීන්ට කිසිඳු සහනයක් නොලැබී ඇතැයි චෝදනා විය.

එමෙන්ම, රජය මේ වන තෙක් මෙම සිදුවීම පිළිබඳව සාධාරණ හා නිවැරදි විමර්ශනයක් සිදුකර නොමැති අතර, වගකිවයුතු අංශවලට එරෙහිව නීතිමය පියවරක් ගෙන නොමැති බවද සත්‍යග්‍රහයේ සහභාගීව සිටි රෝගීහු ප්‍රකාශ කළහ. අදාළ කාලසීමාවේදී ආසන්නව පුද්ගලයින් 150ක් දෘෂ්ටි ආබාධයට ලක්වී ඇති අතර, තවත් රෝගීන් 100–150ක් අතර පිරිසක් රෝහල් තුළදී ජීවිතක්ෂයට පත්වී ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

මුණුබුරු යෝෂිතගේ සහ ආච්චි ඩේසිගේ නඩුවට ආයෙත් දින

මුණුබුරු යෝෂිතගේ සහ ආච්චි ඩේසිගේ නඩුවට ආයෙත් දින

එම කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යාංශය පක්ෂපාතයකින් තොර විමර්ශනයක් පවත්වා නොතිබීම දැඩි වගකීමක් පිළිකුළ කිරීමක් බවද සදහන් විය.

වෛද්‍ය සංජීව මහතා වැඩිදුරටත් පැවසුවේ, මෙම ආබාධිත පුද්ගලයින්ට අදාළ කරුණු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා හෝ ජනාධිපතිවරයා හමුවීම සඳහා කරුණු පැවසූවද ඒ සඳහා අවස්ථාවක් ලැබී නොමැති බවත්, මේ වනවිට කඩිනමින් ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති බවත්ය.

ReeCha