13 වසරේ සිසුවිය අල්ලගෙන පන්තිභාර ගුරුවරයා කරපු වැඩේ මාට්ටු වෙයි..
පන්තිභාර ගුරුවරයා විසින් ලිංගික අතවර සිදුකිරීම නිසා කම්පනයට පත්ව ඇති පාසල් සිසුවියක් කිසියම් පෙති වර්ගයක් පානය කිරීම හේතුවෙන් පෙරේදා (04) ප්‍රතිකාර සදහා රෝහල්ගත කර ඇති බව කටුපත පොලීසිය පවසනවා.
පසුව ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා කුලියාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රතිකාර සදහා රෝහල්ගත කර ඇත්තේ, කොස්දෙණිය, සියඹලෑව පදිංචි 19 හැවිරිදි පාසල් සිසුවියක් වන අතර, ඇය එම ප්‍රදේශයේ මහා විද්‍යාලයක 13 වසර පන්තියේ ඉගෙනුම ලබමින් සිට ඇති බවයි පැවසෙන්නේ.
සිසුවිය පොලිස් නිලධාරියා හමුවේ පවසා ඇත්තේ, පසුගිය මස 23 වනදා පාසලේ දී තම පන්ති භාර ගුරුවරයා තමන්ට ලිංගික අතවර සිදුකළ බවත් එම සිද්ධියෙන් වූ කම්පනය නිසා තමා පෙති පානය කළ බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැති අතර, කටුපත පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.
