පාසල් සිසුවියන් දෙදෙනෙක් හිටි හැටියේ අතුරුදහන් වෙයි..වහාම දන්නවනම් දැනුම්දෙන්න..

Police spokesman Sri Lanka Police Missing Persons Education
By Aruna Jun 21, 2023 03:15 AM GMT
Aruna

Aruna

Report

ඉඟිනියාගල පොල්වත්ත මහා විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ පාසල් සිසුවියන් දෙදෙනෙකු අතුරුදන්වීම සම්බන්ධයෙන් ඉඟිනියාගල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙම සිසුවියන් දෙදෙනාම සමීපව ඇසුරු කළ යෙහෙළියන් බවද වාර්තා වන අතර මෙලෙස අතුරුදන්ව ඇත්තේ, ඉඟිනියාගල පොල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි වියේ පසුවන බී.ජී.අශානි වශ්මිකා සහ එෆ්.ආර්. පවීෂා නෙත්මිණි යන සිසුවියන් දෙදෙනෙක් බවයි වාර්ථා වන්නේ.

පොල්වත්ත මහා විද්‍යාලයේ 11 වන ශ්‍රෙණියේ ඉගෙනුම ලබන මේ සිසුවියන් දෙදෙනා සමීපව ඇසුරු කළ යෙහෙළියන් බවයි වාර්තා වන්නේ.

පවීෂා පාසලට යන බව මව්පියන්ට පවසා අශානිගේ නිවසට පැමිණ තිබුණේ, පසුගිය 15 වැනිදායි.

අශානිගේ පියා කොළඹ රැකියාවක නිරත අතර ඇය ජීවත්ව තිබෙන්නේ මිත්තණියගේ නිවසේ බවයි වාර්තා වන්නේ.

 ඒ, කුඩා කාලයේදී ඇගේ මව ඇයව අතහැර ගොස් තිබීම හේතුවෙන් මිත්තණියද රැක බලා ගනිමින් අශානි මෙම නිවසේ ජීවත්ව ඇති අතර, පසුගිය 15 වැනිදා උදෑසන නිවසට පැමිණි පවීෂා ද සමගින් ඇය නිවසින් පිටව ඇත්තේ උපකාරක පංතියට යන බව පවසාය.

නමුත් මෙලෙස පිටව ගිය සිය දැරියන් නැවත නොපැමිණීමත් සමග පවීෂාගේ මව්පියන් සහ අශානිගේ මිත්තණිය ඉඟිනියාගල පොලිසියට පැමිණිල්ලක් කළ අතර පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බවයි.

මෙම සිසුවියන් නිවසින් පිටත් වූ දිනයේ සහ ඊට පසු දිනයේ දී ඔවුන්ගේ මිතුරෙකුට දුරකතන ඇමතුමක් ගෙන ඇති අතර, එහිදී පවසා ඇත්තේ, ඔවුන් කොළඹ සිටින බවයි.

ඒ අනුව, අදාළ සිසුවාද පොලිසිය කැඳවා ප්‍රශ්න කර තිබෙනවා. තවමත් නිශ්චිත හේතුවක් අනාවරණ කරගත නොහැකි මෙම සිසුවියන්ගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සියලු පොලිස් ස්ථානවල සහයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක කරන බවයි පොලිසිය පැවසුවේ.

මෙම සිසුවියන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් ළඟම ඇති පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙසද පොලිසිය ඉල්ලීමක් කරනවා.