මගුල් ගෙදර යන්න පාසලක් වැසූ අරුම පුදුම ස්කෝලේ..විදුහල්පතිනිය මඟට එන්න කියයි..

Ministry of Education Wedding Sri Lankan Schools Education
By Aruna Aug 11, 2023 12:05 AM GMT
Aruna

Aruna

Report

වැලිඔය පාසලක විදුහල්පතිනියගේ පුතාගේ විවාහ මංගල්‍යය උත්සවයට සහභාගිවීම සදහා පාසල කලින් නිමා කර දරුවන් නිවෙස්වලට එවූ බව මවුපියන් පවසනවා.

වැලිඔය ගජබාපුර මුලතිව් පරණගම විදුහලේ ස්වේච්ඡා ගුරුවරයකු ලෙස සේවය කරන විදුහල්පතිනියගේ පුතාගේ විවාහ මංගල්‍යය උත්සවය ඊයේ(10) පැවැත්වූ බැවින් එකී මනමාලිය ද එම පාසලේම ස්වේච්ඡා ගුරුවරියක් නිසාවෙන් ම ප්‍රාථමික දරුවන් 10.30 ට හා ඉහල පංතිවල දරුවන් 11.00ට පමණ මෙසේ අවසන් කර ඇත බවයි වාර්තා වන්නේ.

ගුරුවරු ගුරුවරියන් දහවල් 11.00 පාසලෙන් බැහැර ගොස් ඇති බවද පැවසේ. 1 - 11 පංති පැවත්වෙන මෙම පාසලේ සිසු දරුවන් 200 ට ආසන්න පිරිසක් ඉගෙනුම ලබන බවයි වාර්තා වන්නේ.

ගුරුවරුන්ට 20 ට ආසන්න පිරිසක් සේවය කරන බවද තොරතුරු වාර්තා වේ. සිවිල් ආරක්ෂක ගුරුවරු දෙදෙනකු හා ස්වෙච්ඡා ගුරුවරු ලෙස හය දෙනකු පමණ මේ අතර සිටින බවද අනාවරණය වෙයි.

ගම්වැසියන් පවසන්නේ, ඉතා කටුක ජීවිතයක් ගත කරමින් පාසල් යවන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු එක් දිනක් හෝ කඩාකප්පල්කිරීම ඉතා ශෝචනීය බවයි.

මේ සම්බන්ධව තොරතුරු දැනගැනීමට අප එම පාසලේ විදුහල්පතිනිය වන ආර්. කේ. ඇනස් ශ්‍රියාලතා මහත්මිය සමග දුරකථනයෙන් සම්බන්ධ වීමේ දී ඇය මෙසේ ප්‍රකාශ කළා, " ඔයා ඔය ගැන දැනගන්න සදුදට පාසලට එන්න.

ඔයා වැලිඔය ඉන්නව නම් සම්පත්නුවර මගුල් ගෙදර අපි ඉන්න තැනට එන්න යැයි අපගෙන් ඉල්ලීමක් කළ අතර එය අප ප්‍රතික්ශේප කිරිම නිසා පාරේ දී හෝ හමු වී කතා කරමු යැයි කීවා ය. එයද අප ප්‍රතික්ෂේප කළේය.

ReeCha