පාසල් ළමුන් සම්බන්ධයෙන් විශේෂ පණිවුඩයක්..

Covid Sri Lanka Education School children
By Aruna Nov 11, 2021 06:02 AM GMT
Aruna

Aruna

Report

කුඩා ළමයකුගෙන් තවත් කුඩා ළමයකුට සහ වැඩිහිටියකුට කොවිඩ් වයිරසය බෝවීම ඉතා අවම මට්ටමක පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය ශාමන් රජින්ද්‍රජිත් පවසයි.

කෙසේ වුවද මේ වන විට පාසල් ළමුන්ට කොවිඩ් ආසාදනය වීමේ වැඩිවීමක් දක්නට ඇති බවද හෙතෙම සඳහන් කරයි.

ඊයේ (10 වැනිදා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදි ඔහු මේ බව පැවසීය.

විශේෂයෙන් ළමුන් පාසල් පැමිණි පසුද නිවැරදි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීමෙන් කොවිඩ් අසාදනය වීම අවම කරගත හැකි බවත් ළමුන් පාසල් එවීම සම්බන්ධයෙන් දෙමාපියන් අනවශ්‍ය ලෙස බිය නොවිය යුතු බවද මහාචාර්යවරයා පැවසීය.

එසේම සෑම අධ්‍යාපන කලාපයකම පාසල් ළමුන් පිළිබඳව සොයා බැලීමට වෛද්‍යවරයකු පත් කර තිබේ.

මේ දිනවල රිජ්වේ ආර්යා ළමා රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කරගන්නා ළමුන්ට රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ සිදු කරන බවත් එහිදී වෙනදාට වඩා දරුවන්ට කොවිඩ් අසාදිත වන බවට තහවුරු වන බවද මහාචාර්ය ශාමන් රජින්ද්‍රජිත් පැවසීය.

මෙම තත්ත්වය බැරෑරුම් නොවන බවත් දරුවන් පාසල් නොයවා අධ්‍යාපනය පසෙක තබා ළමුන්ගේ ආරක්ෂාව ප්‍රථම ස්ථානය කරගතහොත් මෙහි අයහපත් ප්‍රතිඵල අත්විඳීමට සිදුවන්නේ තවත් වසර හයකින් පමණ බවද මහාචාර්යවරයා අවධාරණය කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha