මෙරට දරුවන් 3541කට සුවිශේෂී අවස්ථාවක්..වැඩේ වෙන්නෙ මෙහෙමයි.

Sri Lanka School Scholarship Foreing contry Foreign minsty
By Aruna Oct 08, 2021 03:02 AM GMT
Aruna

Aruna

Report

විදේශ රැකියාවල නිරත දෙමාපියන්ගේ දූදරුවන් සඳහා රුපියල් ලක්ෂ 873ක් ශිෂ්‍යත්ව ආධාර පිරිනමන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

2020 වර්ෂය සඳහා ශිෂ්‍යත්ව ආධාර ලබාගැනීම සඳහා අයදුම් කළ සිසුන් සංඛ්‍යාව 3541 ක්.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන් 1052 ද, සාමාන්‍ය පෙල සමත් සිසුන් 2084 ද, උසස් පෙල සමත් සිසුන් 405 ද ඒ අතරට අයත්.

වැඩිම සිසුන් සංඛ්‍යාව වන 902 දෙදෙනෙකු ශිෂ්‍යත්ව ලබාගැනීමට සුදුසුකම් ලබා ඇත්තේ නැගෙනහිර පළාතෙන්.

1996 වර්ෂයේදී, ආරම්භ වූ මෙම වැඩසටහන යටතේ සිසු දරුවන් 44,940 දෙනෙකුට රුපියල් මිලියන 900 කට අධික මුදලක ශිෂ්‍යත්ව ලබාදී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now