පාසල් සහ පෙරපාසල් දරුවන්ට අලි නිවාඩුවක් දෙයි..(PHOTOS)

Ministry of Education Accident
By Aruna Nov 10, 2022 03:18 AM GMT
Aruna

Aruna

Report

ඇලහැර ජයසිරිපුර ගම්මානයට ඊයේ උදේ වන අලි රංවුවක් කඩා වැදීම නිසා පෙර පාසලේ දරුවන් සහ ජයසිරිපුර විදුහලේ සිසුන් නිවෙස්කරා යැවීමට පෙර පාසල් පාලිකාව හා ජයසිරිපුර විදුහලේ විදුහල්පති සරත් ගුණසිංහ මහතා පියවර ගෙන තිබුණා.

උදේ 7.00ට පමණ වන අලින් අට දෙනෙක් සමඟ වන අලි පැටව් දෙදෙනෙක් පාසල් භුමියේ සැරිසරා තිබෙන බවයි වාර්තා වන්නේ.

එම වන අලින් වෙල්යාය මැද ලඳු කැලෑව තුළ රැඳීසිටීම නිසා සිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන් නිවෙස්කරා යැවීමට බලධාරීන් පියවර ගැනුණා.

අංගම්මැඩිල්ල වනජිවි කාර්යාලයේ නිලධාරීහු පැමිණ අලින් කැලෑවට පලවා හැරීමේ උත්සාහයක නිරත වූ බවයි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGallery
ReeCha