පියෙකු ට මෙහෙමත් කරන්න පුළුවන්ද..? කරල තියෙන අහස පොළව නුහුළන අපරාධය..

Sri Lanka Police Investigation Crime Branch Criminal Investigation Department Crime Murder
By Sewvandhi Feb 08, 2025 12:36 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පොලීසිය පවසන්නේ, පියෙකු විසින් සිය දියණියට හා බිරිඳට එල්ල කළ තියුණු ආයුධ ප්‍රහාරයක් නිසා බිරිඳ මියගොස් ඇති බවයි.

ඊයේ (7) දවහල් සිදු වූ මෙම පහරදීමෙන් තුවාල ලැබූ දෙදෙනාම පුත්තලම රෝහලට ඇතුළත් කර තිබෙන අතර, එහිදී බිරිඳ මියගොස් තිබෙනවා.

මරණකාරිය වයස අවුරුදු 50ක් වූ කල්අඩිය, පුත්තලම ප්‍රදේශයේ පදිංචිකාරියක්. පොලිසිය පවසන්නේ, මෙම සිදුවීම පුත්තලම, හස්ථිපුර ප්‍රදේශයෙන් වාර්තා වන බවයි.

විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ, පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි. සැකකරු පලා ගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි

You may like this video 👇


ReeCha